Friday, May 9, 2025
Home » පාට පාට එළි

පාට පාට එළි

by damith
September 14, 2024 1:06 am 0 comment

භාෂි කුලතුංග

“ශික් මෙයා මොනාද කරලා තියෙන්නේ බලන්න අම්මා, මගේ application එක තීන්ත හලලා විනාස කරලා. මොන කරු­ම­යක්ද මේක… හැම­දාම මොකක් හරි මොංගල් වැඩක් කර­නවා…”

“කෑග­හන්න එපා පුතේ, නංගිට තේරෙන් නෑනේ මැණික…”

“තේරෙන්නෙ නෑ තමා ශික්, හැම­දාම මගේ දේවල් විනාශ

කර­නවා,

අම්මට තිබුණේ ඉප­දෙ­න­කො­ටම මෙයාට මොනාත්ම කර­ගන්න බැරි කෙනෙක් කියලා දැන­ගත්තු වෙලා­වෙම මෙයාව අයින් කරලා දාන්න…”

අක්කා කියපු කතාව මට හොඳ­ටම ඇහුණා, හැම­දාම අක්කා මට බණි­නවා,

අක්කා අම්මට කෑ ගහන්නේ මං නිසා හැම­දාම,

පව් අම්මා, මං හිට­ගත්තේ කණ්ණා­ඩිය ළඟ. මං අවු­රුදු 13ක කෙල්ලෙක්,

ඒත් අනිත් ළම­යින් වගේ නෙවෙයි මං නේද? මං හරි වෙනස් නේද?

මූණ අමුතු හැඩේ­කට රවුම් ද මන්දා,

හැම­දාම වගේ කොණ්ඩේ කොටට කපලා තියෙන්නේ,

විශේ­ෂිත ඉස්කෝ­ලෙ­කට දාලා තියෙන්නේ,

ඒත් මං අනිත් ළමයි වගේම තමා,

මට ඇවි­දින්න පුළු­වන්.

ඒත් ඇදේට යන්නේ,

මට කන් ඇහෙ­නවා උනත්,

චුට්ටක් අඩුයි ඇහෙ­නවා,

මට කතා කරන්න පුළු­වන්,

ඒත් චුට්ටක් බග් බග් ගෑවෙ­නවා,

මං නරක ළම­යෙක් නෙවෙයි,

අක්කා කියන දේ අහ­නවා මං.

අක්කගේ කාමරේ එයාගේ කොළ වග­ය­කට තීන්ත බෝතලේ හැලුණා…

ඒකට අක්කට හොඳ­ටම තරහ ගිහින් නේද?

අනේ මං හිතලා කළේ නෑනේ,

“අම්මට හිතුණේ නැද්ද කව­දා­හරි අම්මට දුක් විඳින්න වෙයි කියලා…

තාක්ෂ­ණය දියු­ණු­යිනේ අම්මා, එයා එහෙම ලෙඩ ළම­යෙක් කියලා දැන­ගෙන අම්මට තිබු­ණනෙ එයාව නැති කරන්න.

තාත්තත් නෑ අපි දුක් විඳි­නවා, මේ මොන මල කරු­ම­යක්ද අම්මා ගෙවන්නේ?…”

අක්කා මොන මොන­වද අම්මට කිය­නව මං අහ­ගෙන,

ඇස්ව­ලින් හෝ ගාලා කඳුළු එනවා,

එත­කොට ඇස් රිදෙ­නවා,

අම්මා හැම­වෙ­ලේම කියන්නේ අඬ­න්නෙපා කියලා,

අඬද්දී මගේ පපුව රිදෙ­නවා ,,

අක්කා කියන්නේ මං මැරුණ නම් හොඳයි කියලා…

අක්කා කව­දා­වත් මට ආදරේ කරේ නෑ පාරක මාව දැක්කත් එයා අහක බලා­ග­න්නවා, අඳු­රන්නේ නෑ වගේ…

එයාට සම­හ­ර­විට ලැජ්ජ ඇති,

මං ඇත්ත­ටම විශේ­ෂිත ළම­යෙක් නිසා වෙන්න ඇති, කොච්චර ලස්ස­නට අම්මා මාව අන්දලා තිබ්බත් අක්කා කව­දා­වත් මගේ අත­කින් අල්ලා­ගෙන ගිහින් නෑ කොහේ­වත්ම, අක්කට මාව ලැජ්ජා­වක් වෙන්නැති…

එයාගේ යාළුවෝ අපේ ගෙද­රට ආව දව­සට එයා මට කාම­රෙන් එළි­යට එන්න එපා කියලා තියෙන්නේ,

අක්කගේ යාළුවෝ යන­කම් මං කව­දා­වත් කාම­රෙන් එළි­යට ඇවිල්ල නෑ,

කව­දා­වත් අක්කට ලැජ්ජ වෙන කිසිම දෙයක් කරල නෑ, අල්ලපු ගෙදර බල්ලා මගේ පස්සෙන් ආවා, මං අක්කගේ කාම­රේට දුව­ගෙන ගියේ…

අනේ එක­පා­ර­ටම තීන්ත කුප්පිය හැලුනා,

ඒකට අද අක්කට හොඳ­ටෝම තරහා ගිහින් තියෙන්නේ…

“ඉන්නවා මෙතන ගල් ගිලලා වගේ ”

අක්කා මට ටොක්කක් ඇන­ගෙ­නම යන්න ගියේ රවා­ගෙන.

“අක්කට තරහ යන්න ඇති යන්න මැණික ගිහින් සෙල්ලම් කරන්න”

අම්මා හිස අත­ගා­ගෙන කියා­ගෙන ගියේ දුකින් නේද?

අම්මයි අක්කයි මේ දවස් ටිකේම මොන­වද කොළ වගේ­කුත් පිරෙව්වා,

අක්කා කිව්වේ නම් අම්මා රට යන්න හදන්නේ කියලා…

වෙලා­වට ගෙදර කන්න වත් කිසිම දෙයක් නැති වෙනවා,

අම්මා මොනා­හරි වැඩක් කරලා කීයක් හරි හොයාන ගෙද­රට බඩු ගේන්නේ…

Òදැන් ඔය කෝස් එක කර­නවා නම් ලක්ෂ එක­හ­මා­රක් විතර යනවා නේ,

මං අවු­රුදු දෙක­කට රට ගිහින් එන්නම්.

මං ආවාම සැලොන් එකක් දාන්න.

එත­කොට සල්ලි කීයක් හරි මට හම්බ කර­ගෙන එන්න පුළු­වන්නෙ,

පන්ති යන දව­සට නංගා රංජි නැන්දලා ගෙදර තියලා යන්න.

ඒකි මගේ කෙල්ල බලා­ගනීÓ

එදා ගෙද­රට වෑන් එකක් ඇවිල්ලා අම්මා ලොකු බෑග් එකක් ඇර­ගෙන යන්න ලෑස්ති උනේ රට යන්න වෙන්න ඇති කියලා මට හිතුණේ.

එදා නං අක්කා මාව බදා­ගෙන අඬන්න ගත්තා.

“අම්මා අපි නිසා දුක් විඳින්න රට යන්න යන්නේ”

අක්කා මගේ ඔළුව අත­ගාන්න ගත්තා

අම්මා රට යන­වට අක්කා ඇඬු­වට කාලෙ­කින් අක්කා මාව ළං කර­ගෙන ඉඳලා නෑ.

මං උන්නේ කියා­ගන්න බැරි තරම් සතු­ටින්

අම්මා ගියාට හිතට දුකක් නෑ

අක්කා මාව ළංක­ර­ගෙන ඉද්දී මාරම සතු­ටුයි මට,

මං තව තවත් අක්කට තුරුළු උනේ පුදු­මා­කාර සතු­ට­කින්…

අම්මා රට ගියා, එදා ඉඳලා අක්කයි මායි විත­රයි ගෙදර උන්නේ,

මං කළේම රන්ජි නැන්දලා ගෙදර සෙල්ලම් කරපු එක විත­රයි.

අක්කා පන්ති ගියා, එයා හව­සට ඇවි­දින් ගෙදර ඔක්කෝම වැඩ කළා

එයා මට වැඩ කරන්න දුන්නේ නෑ.

“හපෝ වැඩක් නම් කරන්න එපා, තමුන් ඇති වෙන­කම් නට­නවා, මං කර­න්නම් ගෙදර වැඩ ටික”

අක්කා හැම­දාම මතු­ර­නවා වගේ කීවේ ඒ වචන…

“මොනාද නාවර පෙරා­ගෙන බලන්න ඔයාගේ හැටි, නාලා කරලා ඉන්නවා, ශික්…

මේ ගේ ටිකක් අතු­ගාලා දානවා, මං ඉක්ම­නින් නාගෙන එන­කම්”

අක්කා කෑ ගගහා නාන්න යන්න ගියාට පස්සේ මං කළේ අක්කගේ බඩු ටික ආසා­වෙන් අර­ගෙන බලපු එක

ඒකෙ කොණ්ඩෙ දිග ලස්සන කෙල්ලක්ගේ බෙල්ලක් තිබුණා,

ලස්ස­නට කොණ්ඩ මෝස්ත­ර­යක් දාලා තිබු­ණට ඒක ඇවි­ස්සිලා තිබුණෙ,

මං ඒකේ ගැට ලිහලා ලස්ස­නට පීරුවා,

හම්මේ දැන් ලස්සන,

මං ඒ දිහා බලාන අත්පුඩි ගහ ගහා හිනා උනේ සතු­ටින්,

හුඟා­රි­යක් සතු­ටින්,

ඒත් ඒ සතුට ටික වෙලා­ව­කින් නැති උනේ

අක්කා කෑ ගහ­ගෙන කාම­රේට එද්දී…

“කරු­ම­යක්… තමුන් අපේ ජීවිත, අපේ අම්මගේ ජීවි­තෙත් කන්න ආව ශික්…

මැරිලා පල­යන්කෝ ”

අක්කා කියපු වචන හද­වත පසාරු කළා,

අනේ එයා බණින වච­න­යක් ගානේ මගේ පපුව හුඟා­රි­යක් රිදුණා,

අනේ මං මැරෙන්න ඕනි කෙනෙක්ද…?

අම්ම­ලාට මාව බරක්ද…?

අනේ ඇයි එහෙ­නම් මං එයා­ලට බරක් වෙන්න ඉප­දුණේ?

හුඟා­රි­යක් ඇඩුවා මං,

මට තේරුණා මගේ ඔළුව අමුතු විදි­හට රිදෙ­නවා කියලා,

අඬපු නිසා වෙන්න ඇති කියලා හිතු­ණත් වෙන­දට වඩා ඒ වේද­නාව ඉව­ස­ගන්න බෑ මට…

“බණි­න්නෙපා බම්, ඒකිට තේරෙ­න්නෑනේ පොඩි එකානේ, තාමත් කිසිම දෙයක් තේරෙන්නේ නැති කෙල්ලට කෑ ගහලා හරි­යන්නේ නෑනේ බම්”

ඒකි උඹ එන­කම් හව­සට මඟ බලාන ඉන්නේ,

මොනා උනත් උඹේ එක ලේනේ”

රන්ජි නැන්දා කිය­නවා ඇහෙ­නවා,

අනේ හැම­දේම ටික ටික ඇහෙන්නේ නැතිව යනවා මට

කන් අගුළු වැටිලා ඇස් දෙක උඩ යනවා වගේ…

“ලොක්කී, අනේ මෙන්න කෙල්ලට මොනාද වෙලා…?”

රන්ජි නැන්දා කෑ ගහ­ගෙන මාව වඩා­ගත්තා මට මත­කයි,

මං ඇස්දෙක තද­ක­රලා පියා­ගත්තා…

“අනේ මගේ නංගිට මොකද වුණේ…?

රංජි නැන්ද, අනේ දෙයි­යනේ මගෙ නංගි…”

හැම මත­ක­යක් ම ගිලි­හිලා යන්න දඟ­ලද්දී අක්කගෙ ආද­ර­ණීය වචන ළඟ මට ආයෙ මත­කය යළි යළි එන්න ගත්ත වගේ දැනුණා…

ඇස් දෙක පියා­ගෙන හිටි­යට අක්කා කියන දේවල් මට ඇහුණා. මිනි­සුන් හුඟා­රි­යක් අයගේ කසු­කුසු සද්දේ ඇහු­ණත් වැඩි­පු­රම මට ඇහුණේ මගේ අක්කේ කට­හඬ…

“එයාට මොන­වත් වෙන්නේ නෑ නේද?

ඩොක්ටර් අනේ අම්මත් නැතුව නංගි මාත් එක්ක හිටියේ,

එයාට මං සැර කළාට මං එයාට හුඟා­රි­යක්

ආද­රෙයි,

එයා කියන දේ අහන්නේ නැති නිසා මං සැර කරන්නේ හැම­දාම.

එයා මගේ එක කුසේ උපන් නංගි

එයා මගේ රත්ත­රන් නංගි…”

අක්කා මොන මොන­වදෝ කිය­නවා

හයි­යෙන් අඬ­නවා

අක්කගේ කට­හඬ විත­ර­මයි මට ඇහෙන්නේ…

පාට පාට එළි පේනවා මට

අමුතු විදි­යට පපුව හිර කර­නවා දැනෙ­නවා,

හුස්ම ගන්න අමා­රුයි මට,

අක්කගේ කට­හඬ අහන්න මේ අමා­රු­වෙන් හුස්ම ගන්නේ මං

ලස්සන සුරං­ග­නා­වි­යක් වගේ ඇඳ­ගත්තු කවුද මට ඈතින් කතා කර­නවා…

මං බලා­ගෙන උන්නේ ඒ ලස්සන සුරං­ග­නාවි දිහා

එයා මට අත දික්කළා, හිනා­වෙලා කියන්නේ එයා ළඟට මට එන්න කියලා

ඒත් යන්නේ කොහො­මද…?

මගේ අක්කා කෑග­ගහා අඬන්නේ මාව සනීප කරන්න කියලා,

මං හිමීට හිමීට ඇස් දෙක ඇරියේ බලෙන්ම වගේ…

“අනේ මගේ රත්ත­රන් මගෙ නංගි මාව දාලා යන්න එපා මැණික,

ඔයා නැතුව මට කවුද ඉන්නේ මැණික…?

ඔයානෙ මගෙ නංගි

මං කොච්චර ආද­රේද මගෙ දෙයියා,

මේ ඩොක්ටර් බලන්න මගෙ නංගි ඇස් දෙක ඇරියා

එයා මා දිහා බලාන ඉන්නවා

එයාට සනීප වෙයි නේද ඩොක්ටර්?

අනේ මගේ නංගි මැණිකÓ

අක්කගෙ මූණ ඉදි­මිලා වගේ, එයා හුඟා­රි­යක් අඬලා

එයා එහෙම අඬලා තියෙන්නෙ මං හින්දා

එය අඬපු එකට මට ගොඩා­රි­යක් සතුටු හිතුණා…

ඇත්ත­ටම එයා මට ගොඩා­රි­යක් ආද­රෙයි කියල අද තමයි දැනුණෙ

ඒත් ඒ මගේ අව­සාන දවස කියලා මට හිතෙ­නවා දුකක් නෑ මගේ අක්කා මට ආද­රෙයි,

ආයෙත් ඊළඟ ආත්මෙදි ඔයා මගේම අක්කා වෙන්න ඕනේ.

එයාගේ ඇස්වල කඳුළු දැක්කම හිතෙන්නේ එයා මට ගොඩක් ආදරේ කරා කියලා,

ඒත් මගේ අක්කේ ඔයාට තිබුණා මට ආදරේ කරන්න, ඔයා මට ආද­රෙයි කියලා පෙන්නන්න,

ලබන ආත්මෙදි මං මේ වගේ බුද්ධි­යෙන් අඩු දරු­වෙක් වෙලා ඉප­දෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කර­නවා…

මං අක්කගෙ අත තද කරල අල්ලා­ගෙන ඇස් දෙක පියා­ගත්තෙ සුරං­ග­නාවි මම එන­කම් බලා­ගෙන ඉන්න නිසා,

මං යන්නම් මගේ අක්කේ…,

සමා­ප්තයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT