Saturday, May 3, 2025
Home » යුක්‍රේන අර්බුදය තීව්‍ර කිරීමට දායක නොවන්නැයි චීනය ඇමරිකාවෙන් ඉල්ලයි

යුක්‍රේන අර්බුදය තීව්‍ර කිරීමට දායක නොවන්නැයි චීනය ඇමරිකාවෙන් ඉල්ලයි

by chanaka
September 14, 2024 3:33 pm 0 comment

යුක්‍රේන අර්බුදය හා සම්බන්ධ ගැටුම් තවදුරටත් අවුළුවාලීමෙන් වළකින ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී.

එක්සත් ජාතීන්ගේ චීන නියෝජ්‍ය නිත්‍ය නියෝජිත ගෙං ෂුවං මහතා මේ බව පැවසුවේ, යුක්‍රේනයට අවි සැපයීම සම්බන්ධයෙන් ජගත් ආරක්ෂක මණ්ඩලයේ පැවති රැස්වීමක දී ය.

යුක්‍රේන යුදබිමට අඛණ්ඩව ආයුධ හා උණ්ඩ ලැබෙමින් පවතින අතර, ඉන් සිදුවන්නේ තත්ත්වය වඩාත් දරුණු වී විශාල පිරිසකගේ ජීවිත අහිමිවීම පමණක් බව ද ඔහු පෙන්වා දුන්නේය. එම තත්ත්වය  ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාවට දැඩි සෘණාත්මක බලපෑමක් එල්ල කරනු ඇත. යුදමය තත්ත්වය තීව්‍ර වීම සම්බන්ධයෙන් චීනය දැඩි කණස්සල්ලට පත්ව සිටින බව ද ගෙං ෂුවං මහතා පැවසීය.

එදිරිවාදිකම් අතහැර, දේශපාලන විසඳුමක් වෙනුවෙන් සාම සාකච්ඡා ආරම්භ කිරීමට අදාළ පාර්ශ්ව ක්‍රියා කළ යුතු බව ද හෙතෙම කියාසිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT