Saturday, May 10, 2025
Home » අඩි විසි පහක පල්ල­මට ත්‍රිරෝද රිය පෙරළී මල්ලීගේ නින්ද අයි­යාට මරු කැඳ­වයි

අඩි විසි පහක පල්ල­මට ත්‍රිරෝද රිය පෙරළී මල්ලීගේ නින්ද අයි­යාට මරු කැඳ­වයි

by damith
September 14, 2024 1:20 am 0 comment

ගම්පොළ - සුරංග දිල්හාන් ගලහ සමූහ - සී.කේ. වික්‍රම

ගලහ පොලි­සිය අසල ඊයේ (13) පාන්දර ත්‍රිරෝද රථ­යක් අඩි 25ක පමණ පල්ල­ම­කට පෙර­ළී­මෙන් එක් අයෙකු මිය­ගොස් තවත් තිදෙ­නෙකු තුවාල ලබා ඇත. විනෝද චාරි­කා­වක් යමින් සිටි ගලහා වෙද­හැට ජන­ප­දයේ පදිංචි තරු­ණයි පිරි­සක් රැගත් ත්‍රිරෝද රථ­යක් ගලහා නග­රය ආස­න්න­යේදී පාරෙන් ඉව­තට පැන නිෙව­සක් තුළට පෙරළී යෑමෙන් මෙලෙස එහි ගමන් ගත් එක් අයකු මිය ගොස් තුවාල ලැබූ තිදෙ­නකු ගලහ රෝහ­ලට ඇතු­ළත් කොට තිබේ.

මෙසේ මිය­ගොස් ඇත්තේ උඩු­දෙ­ණිය ගෙදර කවිඳු රෝෂාන් ප්‍රේම­වන්ශ නමැති 24 හැවි­රිදි අවි­වා­හක තරු­ණ­යකි.

දොළොස් දෙන­කුන් යුත් මිතු­රන් පිරි­සක් එක්ව ත්‍රීකු­ණා­ම­ලය ප්‍රදේ­ශයේ විනෝද චාරි­කා­වක් යෑමට සූදා­නම්ව ඇති අතර ඒ සඳහා වෑන් රථ­යක් ගලහා නග­ර­යෙන් යෑමට නිය­මි­තව තිබී ඇත.

වෙද­හැට නමැති ප්‍රදේ­ශ­යට ගලහා නග­රයේ සිට කිලෝ­මී­ටර් දෙකක් පමණ ඇති අතර මිය­ගිය අයට අයත් ත්‍රිරෝද රථ­යෙන් මෙම සිව් දෙනා අලු­යම හත­රට පමණ ගලහ නග­ර­යට යෑම සඳහා පිටත්ව ගොස් තිබේ.

මිය­ගිය කවි­ඳුගේ සොහො­යුරා වන පසිඳු දිල්ශාන් යන අය ත්‍රිරෝද රථය පදවා ඇති අතර ඔහුට නින්ද යෑම නිසා මෙම අන­තුර සිදුව ඇති බව පරී­ක්ෂණ පව­ත්වන ගලහ පොලි­සිය පව­සයි.

මෙම ත්‍රිරෝද රථය නිව­සක කාම­රය අස­ලට පෙරළී ඇති අතර ඒ අසල කාම­ර­වල දෙදෙ­නෙකු නිදා සිට ඇති බවද පොලි­සිය පව­සයි.

මිය­ගිය අයගේ සිරුර ගලහා රෝහලේ ඇති අතර පශ්චාත් මරණ පරී­ක්ෂණ කට­යුතු සදහා එය පේරා­දෙ­ණිය රෝහල වෙත රැගෙන යෑමට නිය­මි­තව ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT