රුපියල් කෝටි 3කට ආසන්න වටිනා තල්මස් අම්බර් තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු හොරණ හොරකැටිය ප්රදේශයේ දී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පවසයි.
සැකකරු සන්තකයේ තිබී අම්බර් කිලෝ 5යි, ග්‍රෑම් 620ක් පොලිස් භාරයට ගෙන ඇත.
තල්මස් අම්බර් තොගයක් සන්තකයේ තබාගෙන සිටින පුද්ගලයෙකු කිලෝ 1ක් රුපියල් ලක්ෂ 50 බැඟින් විකිණීම සඳහා ගැනුම්කරුවකු සොයමින් සිටින බව යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් බස්නාහිර පළාත් දකුණ දිශාව අපරාධ කොට්ඨාසයේ මෙහෙයුම් කණ්ඩායම් අංක 10 ප්‍රධානී උප පොලිස් පරීක්ෂක ප්‍රබෝධ දර්ශන මහතා වෙත ලබාදීමෙන් අනතුරුව අම්බර් මිල දී ගන්නා අයුරින් උපාය දූතයකු යොමු කර කිලෝවක් ලක්ෂ 45 බැඟින් මිලදී ගන්නා මුවාවෙන් හොරණ හොරකැටිය ප්රදේශයේ නිවෙස වටලා මෙම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් 46 හැවිරිදි සැකකරුගෙන් අගලවත්ත ප්රදේශයේ පදිංචිකරුවකු වන අතර මෙම ගනුදෙනුව සිදුකිරීම සඳහා ඔහු හොරණ ප්රදේශයේ ඥාති නිවෙසට පැමිණි බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත. සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම අම්බර් තොගය ත්රිකුණාමලය ප්රදේශයේ පුද්ගලයකුගෙන් ලැබුණ බවට අනාවරණය කළ බව පොලිසිය සඳහන් කරයි. සැකකරු සහ අම්බර් තොගය හොරණ මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.