Home » කොළඹ නෙළුම් කුළුණට වසර දෙකක් සපිරේ

කොළඹ නෙළුම් කුළුණට වසර දෙකක් සපිරේ

by chanaka
September 15, 2024 10:52 am 0 comment

කොළඹ නෙළුම් කුළුණ ජනතාවට විවෘත කර අදට(15) දෙවසරක් සපිරේ.

නවෝත්පාදනය ආශ්වාදයක් වන කොළඹ නෙළුම් කුළුණ 2022 සැප්තැම්බර් 15 වැනිදා සිට මහජනතාවට විවෘත

ශ්‍රී ලාංකීය භූ දර්ශනයට නව අත්දැකීමක් එක් කරමින්, දකුණු ආසියාවේ උසම ස්වයං ආධාරක ව්‍යුහය සහ රටේ උසම අහස් තලය වන නෙළුම් කුළුණ දක්ෂතාවයේ සහ නවෝත්පාදනයේ අවසාන උච්චතම අවස්ථාව ලෙස සැලකේ.

මෙම කුළුණ මීටර 356 ක් උස වන අතර වර්ග මීටර 30,600 ක වපසරියකින් යුක්තය.

දෙවන සංවත්සරය යෙදෙන අද දිනයේ දී නෙළුම් කුළුණ පාලනාධිකාරිය විසින් එය නැරඹීමට මෙතෙක් පැමිණි සංචාරකයින් පිළිබඳව දැනුවත් කිරීමක් ද සිදු කර ඇත. ඒ් අනුව 2022 සැප්තැම්බර් 15 වැනි දින සිට ඊයේ(14) දිනය දක්වා විදේශීය සංචාරකයින් 90,564ක් ‌නෙළුම් කුළුණ නැරඹීමට පැමිණ තිබේ.

එසේම එය නැරඹීමට පැමිණ ඇති දෙස් විදෙස් මුළු සංචාරකයින් ගණන 2,186,199කි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT