Home » කීඩෑ උවදුරෙන් ගොයම විනාශ වී ගොවියෝ අමාරුවේ

කීඩෑ උවදුරෙන් ගොයම විනාශ වී ගොවියෝ අමාරුවේ

by sachintha
September 16, 2024 2:00 am 0 comment

ඇළහැර ප්‍රදේශයේ ජයසිරිපුර, සැගල, සරුබිම, ඉකිළිවැව යන ප්‍රදේශවල වී ගොයමට කීඩෑ උවදුරු පැතිර යාම නිසා වී ගොවිතැන් කළ ගොවීහු අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇතැයි වාර්තා වෙයි.

කිරි වදින වී ගොයම මෙන්ම මල් පිදෙන වී ගොයමට මෙම කීඩෑ උවදුරු පැතිර ගොස් ඇති බව ද ගොවීහු පවසති. කීඩෑ උවදුරු පැතිර යාම වළකාලීමට අවශ්‍ය කෘමිනාශක යෙදුව ද දිනෙන් දින එම උවදුරු පැතිර යමින් ඇතැයි ගොවියෝ පෙන්වා දෙති.

මෙම කීඩෑ උවදුරු පැතිර යාම වළකාලීමට රජයේ කිසිදු බලධාරියකු මෙතෙක් උපදෙස් දී නැති අතර, රෝගය මර්දනය කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දී නැතැයි ද ඇළහැර ජයසිරිපුර ගම්මානයේ ගොවිලියක් පැවසුවාය. තමන් බැංකු ණය ලබාගනිමින් රන් ආභරණ පවා උකසට තබමින් මුදල් ලබාගෙන ගොයමට මුදල් යට කළත් අද වන විට ඒ සියල්ල ගෙවා නිම කර ගැනීමට නොහැකි වන අන්දමින් ගොයම විනාශ වෙමින් ඇති බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.

ඇළහැර සරත් වෙලගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT