Home » ජනාධිපතිවරණය නිමිත්තෙන් රථවාහන පරික්ෂා කෙරේ

ජනාධිපතිවරණය නිමිත්තෙන් රථවාහන පරික්ෂා කෙරේ

by sachintha
September 16, 2024 2:00 am 0 comment

ජනාධිපතිවරණ සමයේ මාර්ගයේ ධාවනය කරන රථවාහන මැතිවරණ නීති උල්ලංඝනය කරන්නේ දැයි සොයා බැලීමට මාර්ගයේ ධාවනය වන රථවාහන පරික්ෂා කිරීමේ හදිසි මෙහෙයුමක් මොනරාගල පොලිසිය මඟින් ආරම්භ කර ඇත.

මෙහිදී වාහනවල පෝස්ටර් අලවා තිබීම, පෝස්ටර් ප්‍රවාහනය කිරීම ආදිය පිළිබඳ සොයා බැලෙන අතර රථවාහනවල අලවා තිබෙන පෝස්ටර් ගලවා ඉවත් කිරීම ද පොලිසිය විසින් සිදුකරනු ලැබීය.

මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධි උඩුගමසූරිය මහතාගේ උපදෙස් පිට මොනරාගල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ජානක රත්නසිරි මහතා ඇතුළු පොලිස් නිලධාරීහු මෙම සෝදිසි මෙහෙයුමට සහභාගිවී සිටියහ.

ඩී.එස්. ගුණතිලක ඌව වෙල්ලස්ස විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT