හෝමාගම අධ්‍යාපන කලාපයේ අංගම්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ 1 සිට 5 දක්වා ශ්‍රේණිවල දරුවන්ගේ මුල් පාඩමට අදාළව, සංවිධානය කළ සිසු පොළක්,ඉකුත් 13 දින විදුහල් ක්‍රීඩා පිටියේදී පැවැත්වුණි.
මෙහිදී දරුවන් බොහෝ දෙනා තම ගෙවත්තේ වගා කර ඇති එළවළු, පලතුරු, සහ පළා වර්ගද, තවත් සමහර දරුවන් තම නිෙවසේ සකස් කරන ලද රස කැවිලි ඇතුළු වෙනත් භාණ්ඩ රැසක් පොළට ඉදිරිපත් කර තිබූ අතර, එම ද්‍රව්‍ය දරුවන්ගේ මව්පියන් සහ ප්‍රදේශවාසීන් විසින් මිලදී ගැනීම සිදුකෙරුණි.
විදුහල්පති කේ.බී.සී. ප්‍රියංගා මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලයද, අනධ්‍යයන කාර්ය මණ්ඩලයද එක්ව සංවිධානය කළ මෙම වැඩසටහනට, විදුල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයද, පාසලේ දරු දැරියෝද, ඔවුන්ගේ මව්පියෝද සහභාගි වූහ.
පාදුක්ක සමූහ – රෙක්සි වෙත්තසිංහ