Saturday, May 10, 2025
Home » වේගය පාලනය කරගත නොහැකි වූ බවුසරය ට්‍රාන්ස්ෆෝමරයේ හැපෙයි

වේගය පාලනය කරගත නොහැකි වූ බවුසරය ට්‍රාන්ස්ෆෝමරයේ හැපෙයි

by sachintha
September 16, 2024 3:05 am 0 comment

කොළඹ – අවිස්සාවේල්ල පරණ පාරේ, පහළ හංවැල්ල අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල අසල ඊයේ (15) අලුයම 12.30ට පමණ මාර්ගයේ ධාවනය වූ බවුසර් රථයක් මාර්ගය අසල තිබූ අධි බලැති විදුලි ට්‍රාන්ස්පෝමරයක ගැටීමෙන් දෙදෙනකු තුවාල ලබා සාලාව රෝහලට ඇතුළත් කර ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි.

අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ මෙම ඉන්ධන බවුසර් රථය අනතුර සිදුවන අවස්ථාවේදී, රියදුරු සහ රිය සහායක යන දෙදෙනා සිට ඇති බව ද පොලිසිය කියයි. රියදුරුට තම වාහනය පාලනය කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බවත්, අනතුර හේතුවෙන් ලොරි රථයේ ඉදිරිපසට හානි සිදුවී, විදුලිබල මණ්ඩලයේ ට්‍රාන්ස්ෆෝමරය සවිකර තිබූ විදුලි කණු දෙකක් කැඩී හානි සිදුවී ඇති බවත් පොලිසිය පවසයි. මෙම අනතුර නිසා (15) දින අලුයම් කාලයේ සිට ප්‍රදේශයට විදුලිය විසන්ධිවී තිබූ අතර, විදුලිබල මණ්ඩලයේ සේවක පිරිස් එම ස්ථානයට පැමිණ අනතුර සිදුවූ ස්ථානයේ නඩත්තු කටයුතු ආරම්භ කළහ.

හංවැල්ල පොලිස් ස්ථානාධිපති ‍ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් කුමාර මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ පොලිස් සැරයෙන් (49926) වේරගල සහ පොලිස් කොස්තාපල් (891) ලක්මාල් යන නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

පාදුක්ක සමූහ – රෙක්සි වෙත්තසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT