Saturday, May 10, 2025
Home » දේශපාලන ප්‍රතිසංස්කරණයක් සිදු කරන බවට බලයට පත්වී අන්තවාදීන්ට රුකුල් දෙන බවට අන්තර්වාර රජයට චෝදනා

දේශපාලන ප්‍රතිසංස්කරණයක් සිදු කරන බවට බලයට පත්වී අන්තවාදීන්ට රුකුල් දෙන බවට අන්තර්වාර රජයට චෝදනා

by sachintha
September 17, 2024 1:44 am 0 comment

ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් සහ සමාජ ව්‍යවසායකත්වය සම්බන්ධව බංග්ලාදේශයේ කීර්තියට පත්ව සිටි මහාචාර්ය මොහොමඩ් යූනුස් අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක ලෙස පත්වීමෙන් පසු එරට අන්තවාදය ව්‍යාප්ත වෙමින් තිබෙන බවටත්, හින්දු ජාතිකයන් ඇතුළු සුළුතර ප්‍රජාව පීඩනයට ලක් කිරීමේ පසුබිම නිර්මාණය වී ඇති බවටත් එරට මානව හිමිකම් ක්‍රියාකාරීන් චෝදනා එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

‘ඉසෙඩ්‘ පරපුර යැයි හඳුන්වා ගන්නා බංග්ලාදේශ සරසවි ශිෂ්‍ය ව්‍යාපාරය හිටපු අගමැතිනිය ශෙයික් හසීනාගේ අවාමි ලීග් රජය පෙරළා දමා අන්තර්වාර රජය පිහිටුවා ගනු ලැබුවේ අර්ථවත් දේශපාලන ප්‍රතිසංස්කරණයක් සඳහා බවට ප්‍රකාශ කළද පාලන තන්ත්‍රය වෙනස් වූදා සිට සිදුවී ඇත්තේ දේශපාලන බැහැර කිරීම්, විරුද්ධ පාක්ෂිකයන්ට ප්‍රහාර එල්ල කිරීම්, සුළුතර ප්‍රජාව හිංසනයට ලක් කිරීම් පමණක් බව ද බංග්ලාදේශ මානව හිමිකම් ක්‍රියාකාරීන් චෝදනා කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

මැතිවරණ ප්‍රතිසංස්කරණ, පාලනය හා දූෂණය පිළිබඳ ගැටලු විසඳීම වැනි අර්බුද සම්බන්ධව අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශකවරයා සුබවාදී අදහස් පළ කළද, හසීනාගේ පාලන සමයේ තහනමට ලක්වූ බංග්ලාදේශයේ දැඩි අන්තවාදී ඉස්ලාම් සංවිධානයක් වන ජමාටි ඉස්ලාම් පක්ෂයේ තහනම ඉවත් කිරීම සම්බන්ධව මේ වන විට ජාත්‍යන්තර වශයෙන් ද විශාල අවධානයක් යොමුවී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

අන්තවාදයට එරෙහිව සටන් කිරීමට අන්තර්වාර රජය පියවර ගත යුතු බවට මොහොමඩ් යූනුස් ප්‍රකාශ කළද මෙතෙක් එවැනි උත්සාහයක් ගෙන නැති බවත් වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT