Home » වඩුක්කෝඩෙයි සුනඛ‍ෙයක් මහ ඉහළින් අවසන් ගමන් යයි

වඩුක්කෝඩෙයි සුනඛ‍ෙයක් මහ ඉහළින් අවසන් ගමන් යයි

by sachintha
September 17, 2024 1:52 am 0 comment

යාපනයේ වඩුක්කෝඩෙයි ප්‍රදේශයේ දිළිදු වැසියකු සුරතලයට ඇති දැඩි කළ සුනඛයා මියයාමෙන් පසුව හින්දු චාරිත්‍රානුකූලව ඉතා අලංකාර ලෙස සුනඛයාගේ ආදාහන කටයුතු 15 දා සිදුකොට තිබේ.

ඉතා අලංකාර මිනී පෙට්ටියක සුනඛයා තබා අවමංගල රථයක දේහය තබා බෙර වාදනය කොට වත්තේ කෙලවරක් දක්වා දේහය රැගෙන ගොස් මිහිදන්කොට ඇත්තේ මහා හඬින් විලාප තබමිනි.

මෙම සුනඛයා පීසා නමින් හඳුන්වා ඇති අතර වසර 10ක කාලයක් නිවෙස් හිමියා සමඟ එම සුනඛයා ජීවත් වී තිබේ.

එම්. පායිස් නමැති මෙම සුනඛයාගේ අයිතිකරු සුනඛයා මියගිය අවස්ථාවේ සිට මහා හයියෙන් විලාප තබමින් හඬා වැටෙමින් සිටියදී අසල්වාසීන් ගොස් තොරතුරු විමසූ අවස්ථාවේදී ඔහුට සුනඛයාගේ ආදාහනය ඉතා අලංකාර ලෙස සිදු කිරීමට අවශ්‍ය බව ප්‍රකාශ කොට තිබේ. ඒ අනුව අවට තරුණයන් හා වෙනත් පුද්ගලයන් එක්ව ඔහුගේ ආශාව ඉටුකොට තිබේ.

ඔහුගේ මෙම ක්‍රියාව යාපනයේ සත්ත්වවේදීන්ගේ සංගමය විසින් ප්‍රශංසාවට ලක්කොට ඇති අතර එහි සාමාජිකයන් ද සුනඛයාගේ ආදාහනයට සහභාගි වී තිබේ.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT