Sunday, May 11, 2025
Home » නවසීලන්තයට එරෙහි තරගාවලියෙන් මධුෂ්ක-රාජිත-තාරක ඉවතට

නවසීලන්තයට එරෙහි තරගාවලියෙන් මධුෂ්ක-රාජිත-තාරක ඉවතට

by sachintha
September 17, 2024 1:49 am 0 comment

සංචාරක නවසීලන්ත පිල සමඟ පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 16කගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ඊයේ ප්‍රකාශයට පත් කළේය. මෙම සංචිතයෙන් එංගලන්ත සංචාරයට එක්ව සිටි ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක, මඳවේග පන්දු යවන කසුන් රාජිත හා නිසල තාරක ඉවත්කොට ඇත. ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට දකුණු අප්‍රිකාවේදී ශ්‍රී ලංකා ‘ඒ‘ පිල සමඟ දක්ෂතා දැක්වූ ආරම්භක පිතිකරු ඕෂධ ප්‍රනාන්දු කැඳවා ඇත.

ඕෂධ දකුණු අප්‍රිකානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහි දකුණු අප්‍රිකාවේ පැවැති නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශතකයක් හා අර්ධ ශතකයක් ලබා සිටියදී ශ්‍රී ලංකා සංචිතයට එක් වූවේය. එබැවින් නවසීලන්තය සමඟ ටෙස්ට් තරගාවලියේදී නිශාන් මධුෂ්ක වෙනුවට ආරම්භක පිතිකරු ලෙස ඕෂධ ප්‍රනාන්දුගේ සේවය ලබා ගැනීම අපේක්ෂාව වී තිබේ.

අයිසීසී ටෙස්ට් ශූරතාවලියට අයත් මෙම ටෙස්ට් තරගාවලිය හෙට (18) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවන අතර, දෙවැනි ටෙස්ට් තරගය මේ මස 26 දා සිට 30දා දක්වා පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර, ටෙස්ට් තරග 39කදී නවසීලන්තය තරග 18ක් ජයගනිද්දී ශ්‍රී ලංකාව තරග 9ක් ජය වාර්තා කළේය. ටෙස්ට් තරග 11ක් ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT