ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් පසු පළමු ධර්ම දේශනාව පැවැත්වූ බරණැස සාරානාත් නගරයේ වරානාසි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු වේගවත් කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇත. ප්‍රේක්ෂකයින් 30,000ක ධාරිතාවයකින් යුත් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි බරණැසි ප්‍රාන්තයේ ගන්ජාරි ප්‍රදේශයේ ඉදිකෙරෙන මෙම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ලබන වසරේ දෙසැම්බර් මාසයේදී විවෘත කිරීමට සූදානම් වේ.
අක්කර 30.66ක භූමි ප්‍රමාණයක ඉන්දීය රුපියල් කෝටි 451ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1620ක) වියදමින් මෙම ක්‍රීඩාංගණය ඉදි කෙරේ.
අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මෙම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට මුල්ගල තැබූ අතර, එම අවස්ථාවට සචින් තෙන්ඩුල්කාර් ඇතුළු 1983 ක්‍රිකට් ලෝක කුසලානය දිනූ කණ්ඩායමද එක්ව සිටියහ.
ප්‍රින්ස් ගුණසේකර