Home » ඉෂාන් කිෂාන්ගේ තරගයක දිනක ගෙවීම ලක්ෂ දෙකකට වැඩියි

ඉෂාන් කිෂාන්ගේ තරගයක දිනක ගෙවීම ලක්ෂ දෙකකට වැඩියි

by sachintha
September 17, 2024 1:52 am 0 comment

ඉන්දීය පිලේ ක්‍රීඩක ඉෂාන් කිෂාන් ඉන්දීය ක්‍රිකට් ආයතනයෙන් ඉවත්ව ගියද ඔහු ක්‍රීඩා කරන පළමු පෙළ තරගයක දිනකට ඉන්දීය රුපියල් 60,000ක් (ශ්‍රී ලංකා රුපියල් 215544ක්) ඉන්දීය ක්‍රිකට් ආයතනයෙන් ගෙවිය යුතු වේ.

ඉෂාන් කිෂාන් දකුණු අප්‍රිකානු සංචාරය අතරමග අත්හැරීමෙන් පසු ඉන්දීය ක්‍රිකට් ආයතනය ඔහුගේ කොන්ත්‍රාත් ගිවිසුම් අවලංගු කළේය. එහෙත් ඉෂාන් කිෂාන් දේශීය ක්‍රිකට් ක්‍රීඩා කරන අතර දැන් නැවතත් ඉන්දීය ක්‍රිකට් කොන්ත්‍රාත් ගිවිසුම් ඇති කර ගැනීමට උත්සහ ගනිමින් සිටී. දුලිප් කුසලානයට ක්‍රීඩා කරන අතරතුර ඉෂාන් කිෂාන් ශතකයක් රැස් කොට හොඳ තත්ත්වයක සිටින බව ඔප්පු කොට තිබේ. ඉන්දීය ක්‍රිකට් නව නීති අනුව රංජි කුසලාන තරග 40කට වඩා ක්‍රීඩා කළ ක්‍රීඩකයින්ට දේශීය තරග ක්‍රීඩා කරන්නේ නම් තරගයක එක් දවසකට ඉන්දීය රුපියල් 60,000ක් ගෙවිය යුතුය. ඉෂාන් කිෂාන් මෙම ලැයිස්තුවට ඇතුළත් බැවින් මෙම ගෙවීම් අනිවාර්යවී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT