Home » මියගිය ජනාධිපති අපේක්ෂකයා ගැන කොමිසම ගත් තීරණය

මියගිය ජනාධිපති අපේක්ෂකයා ගැන කොමිසම ගත් තීරණය

by chanaka
September 18, 2024 11:21 am 0 comment

අභාවප්‍රාප්ත ජනාධිපති අපේක්ෂක ආයිදෘස් ඉල්ලියාස් මහතා වෙනුවට වෙනත් අපේක්ෂකයෙකු පත් කර නොමැති නිසා ඔහු වෙනුවෙන් ප්‍රකාශිත ඡන්ද අවලංගු ඡන්ද සේ සලකන බව මැතිවරණ කොමිසම සභාව පවසයි.

මෙවර ජනාධිපතිවරණයට ආයිදෘස් ඉල්ලියාස් මහතා ඉදිරිපත්ව සිටියේ ස්වාධීන අපේක්ෂකයකු ලෙසය.

ඔහු හදිසි හෘදයාබාධයක් හේතුවෙන් පසුගිය අගෝස්තු මස 22වැනිදා රාත්‍රියේ ජීවිතක්ෂයට පත්විය.

නමුත් ඔහු වෙනුවට කිසිදු ස්වාධීන අපේක්ෂකයෙක් පත් කළේ නැත .

මේ හේතුවෙන් ජනාධිපතිවරණයේදී ආයිදෘස් ඉල්ලියාස් මහතාට ලැබෙන ඡන්ද සියල්ලම අවලංගු ඡන්ද සේ සැලකීමට තීරණය කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT