Home » ලෙබනනයේ පේජර් ප්‍රහාරයෙන් 09න් මරුට – විශාල පිරිසකට තුවාල

ලෙබනනයේ පේජර් ප්‍රහාරයෙන් 09න් මරුට – විශාල පිරිසකට තුවාල

by chanaka
September 18, 2024 12:42 pm 0 comment

හිස්බුල්ලා සටන්කාමීන් සිය සන්නිවේදන කටයුතු සඳහා භාවිතා කළ පේජර් නමැති සන්නිවේදන උපකරණ පුපුරා යාමෙන් ලෙබනනයේ කුඩා දරුවෙකු ඇතුළු 9 දෙනෙකු මියගොස් තිබේ.

හිස්බුල්ලා සංවිධානය විසින් එම සන්නිවේදන උපකරණ ලෙබනනය තුළ බහුලව භාවිතා කරනු ලබයි.

පේජර් නමැති සන්නිවේදන උපකරණ මගින් සතුරු පාර්ශ්වයේ තොරතුරු පහසුවෙන් දැන ගැනීමේ හැකියාව පවති. හිස්බුල්ලා සංවිධානය භාවිත කරන මෙම රැහැන් රහිත විදුලි සංදේශ උපාංග ඊයේ ලෙබනනයේදී පුපුරායමකට ලක්ව තිබේ.

බීරූට් සහ තවත් ප්‍රදේශ කිහිපයක එකවර සිදුවූ පිපිරීම්වලින් තුවාල ලැබූ තවත් 2,800 දෙනෙකු රෝහල් ගත කෙරුණි.

ඒ අතර, ලෙබනනයේ ඉරාන තානාපතිවරයා ද වේ.

ඊශ්‍රායලය විසින් මෙම සන්නිවේදන උපාංග පරිපථයේ දෝෂයක් ඇති කොට එය පුපුරවහැරීමකට ලක්කර ඇති බව වාර්තා වේ.

ඊට නිසි ප්‍රතිචාර දක්වන බව හිස්බුල්ලා සංවිධානය පවසයි.‍ මෙම සිදුවීම සහ එල්ල වන චෝදනා පිළිබඳව ඊශ්‍රායලය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT