Saturday, May 10, 2025
Home » මනා­පය වෙනු­වෙන් ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය අම­නාප කර නොග­නිමු!

මනා­පය වෙනු­වෙන් ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය අම­නාප කර නොග­නිමු!

by sachintha
September 18, 2024 1:50 am 0 comment

මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී අන් කව­ර­දා­ටත් වඩා දෙවෙනි මනා­පය පිළි­බඳ සාක­ච්ඡාව පෙරට පැමිණ තිබේ. ජනා­ධි­ප­ති­ව­රයා තෝරා­පත් කර ගැනීමේ ඡන්ද විම­සී­මට අදා­ළව ජනා­ධි­පති ධුරය සඳහා අපේ­ක්ෂ­ක­යන් තිදෙ­නෙකු ඉදි­රි­පත් වී ඇති අව­ස්ථා­වක ඡන්ද දාය­ක­යෙ­කුට තමන්ගේ දෙවන මනා­පය ප්‍රකාශ කළ හැකි අතර අපේ­ක්ෂ­ක­යන් තිදෙ­නෙ­කුට වඩා ඉදි­රි­පත්ව ඇති අව­ස්ථා­වක දෙවන හා තෙවන මනා­පය ප්‍රකාශ කළ හැකිය. 2024 ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා අපේ­ක්ෂ­කයෝ 39 දෙනෙක් ඉදි­රි­පත්ව සිටිති.

ජය­ග්‍රා­හ­කයා තෝරා ගැනීම
ප්‍රකා­ශිත වලංගු ඡන්ද සංඛ්‍යා­වෙන් 50%ක් සහ තව එක් ඡන්ද­ය­කට වඩා වැඩි ඡන්ද සංඛ්‍යා­වක් ලැබූ අපේ­ක්ෂ­කයා ජනා­ධි­ප­ති­ව­රයා වශ­යෙන් තෝරා පත් කර ගත යුත්තේය. අපේ­ක්ෂ­ක­යන් දෙදෙ­නෙකු පම­ණක් ඉදි­රි­පත් වූ අව­ස්ථා­වක ඔවුන් එකි­නෙකා සමාන ඡන්ද ප්‍රමා­ණ­යක් ලබා­ග­ත­හොත්, ජය­ග්‍රා­හ­කයා තෝරා ගැනීම සඳහා කුස­පත් අදිනු ලැබේ. යම්කිසි ලෙස­කින් කිසිදු අපේ­ක්ෂ­ක­යකු ප්‍රකා­ශිත වලංගු ඡන්ද සංඛ්‍යා­වෙන් 50%ක ප්‍රමා­ණ­යක් හිමි කර­ගෙන නොමැ­ති­නම් එවිට වැඩිම ඡන්ද සංඛ්‍යාව හා දෙවන වැඩිම ඡන්ද සංඛ්‍යා­වක් ලබා­ගත් අපේ­ක්ෂ­ක­යන් හැර සෙසු අපේ­ක්ෂ­ක­යන් තර­ග­යෙන් ඉවත් කොට එක් එක් ඡන්ද දාය­ක­යාගේ දෙවන මනා­පය ඉතිරි අපේ­ක්ෂ­ක­යන් දෙදෙ­නා­ගෙන් එක් අයෙ­කුට දී ඇත්නම් එය ඔහු ලැබූ ඡන්ද සංඛ්‍යා­වට එකතු කරනු ලැබේ. මේ අනුව ද යම් අපේ­ක්ෂ­ක­යකු වලංගු ඡන්ද සංඛ්‍යා­වෙන් 50% සම්පූර්ණ නොක­රයි නම් ඉහත අයු­රින් එක් එක් ඡන්ද 03 දාය­ක­යාගේ තුන්වන මනා­පය ද ගණන් කොට බහු­තර ඡන්ද සංඛ්‍යා­වක් ලැබූ අපේ­ක්ෂ­කයා ජනා­ධි­ප­ති­ව­රයා වශ­යෙන් තෝරා පත් කර ගත යුතුය. ජනා­ධි­ප­ති­ව­රයා තෝරා පත් කර ගැනීම පිළි­බඳ කාර්ය­ප­ටි­පා­ටිය 1981 අංක 15 දරන පනත මගින් ස්ථාපිත කර ඇත.
2019 නොවැ­ම්බර් මාසයේ පැවති පූර්ව ජනා­ධි­ප­ති­ව­රණ සම­යේදී ද, මේ අයු­රින්ම කිසි­වෙ­කු­ටත් 50%ක් ඉක්මවා ඡන්ද ප්‍රති­ශ­ත­යක් ලබා­ගත නොහැකි බවට මත­යක් පළ­විය. ඒ නිසාම දෙවැනි මනා­පය ලකුණු කිරීමේ වැද­ග­ත්කම හා දෙවැනි මනා­පය ගණන් කිරීම පිළි­බඳ උප­ක­ල්ප­නය ප්‍රබල විය. එහෙත් ගෝඨා­භය රාජ­පක්ෂ මහතා 52.25%ක ඡන්ද ප්‍රති­ශ­ත­යක් ලබ­මින් ජය­ග්‍ර­හ­ණය තහ­වුරු කර­ගන්නා ලදි. එකී ප්‍රති­ශ­තය ලබා ගැනී­මට ඔහු ඡන්ද 69,24,255ක් ලබා­ගෙන තිබිණි. එහෙත් 2019 හා 2024 සංස­න්ද­නා­ත්ම­කව සලකා බලන විට 2019 දී තර­ගය පැව­තියේ ප්‍රධාන අපේ­ක්ෂ­ක­යන් දෙදෙ­නෙකු අතර පම­ණක් බව පැහැ­දි­ලි­වම පෙනෙ­න්නට තිබිණි. විශේ­ෂ­යෙන්ම උතුරේ ඡන්ද මෙන්ම දකුණේ සුළු­තර වාර්ගික කණ්ඩා­ය­ම්වල ඡන්දය ශ්‍රී ලංකා පොදු ජන පෙර­මු­ණට නොලැ­බෙන බව ද, ඒ නිසාම දකුණේ සිංහල-බෞද්ධ ඡන්ද පද­නම සැල­කිය යුතු ප්‍රති­ශ­ත­ය­කින් පර­ත­ර­යක් සහි­තව තබා ගැනීම ගැන ද, ඔවුන් නිසි ලෙස තක්සේරු කර තිබිණි.

කලා­පීය සිති­ය­ම්ගත තත්ත්ව­ය
එහෙත් 2024 වන විට තත්ත්වය වෙනස්ය. උතුරේ කැමැත්ත කාට­දැයි වරෙක ප්‍රසි­ද්ධි­යට පත් කළ ද, එය යළි වරක් සලකා බලන තත්ත්ව­යක් පෙනෙ­න්නට තිබේ. එය අප කැමැති වුවද, අකැ­මැති වුවද අස­ල්වැසි රටක දේශ­පා­ල­නික වශ­යෙන් කලා­පීය සිති­ය­ම්ගත තත්ත්ව­යන් සැල­කි­ල්ලට ගෙන අව­සාන මොහොතේ වුවද, වෙන­ස්වී­ම්ව­ලට ලක්විය හැකි මත­යක් බැව් පැහැ­දි­ලිය. ඒ නිසාම එකී සාධ­කය පසෙ­කින් තැබුව ද, ප්‍රධාන අපේ­ක්ෂ­ක­යන් සිව් දෙනෙකු අතර දකුණේ ඡන්ද පද­නම බෙදී යන බව ස්ථීරය. මේ මොහොත වන විටත් තීර­ණා­ත්මක තර­ගය ඇත්තේ දෙදෙ­නකු අතර පම­ණක් බව ඉඳුරා පැව­සිය හැකි වුවද, සැල­කිය යුතු ඡන්ද ප්‍රති­ශ­ත­යක් තිදෙ­නකු අත­ර­වත් බෙදී­යාම කිසි­වෙ­කු­ටත් නොවැ­ළැ­ක්විය හැකිය. ඒ නිසාම අන් කව­ර­දා­ටත් වඩා දෙවෙනි මනා­ප­යක් ගැන සාක­ච්ඡාව තීර­ණා­ත්මක වී තිබේ.එහෙත් මෙතෙක් පැවති කිසිදු ජනා­ධි­ප­ති­ව­ර­ණ­ය­කදී දෙවෙනි මනා­ප­යක් ගණන් ගත­යුතු තැනට ප්‍රති­ඵ­ලය තල්ලුවී නැති බව ද, මෙහිලා අප විසින් අම­තක නොකළ යුතුය.
ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී අපේ­ක්ෂ­ක­යන් කිසි­වෙ­කු­ටත් සිය­යට පන­හට වඩා ඡන්දය ලබා­ගත නොහැ­කි­වූයේ නම්, දෙවෙනි මනා­පය ගණ­නය කරන අව­ස්ථා­ව­කට යා යුතු­වී­නම් මතු­විය හැකි තවත් ගැටලු කිහි­ප­යක් තිබේ. පළමු හා දෙවෙනි ලෙස ඡන්ද ලබා­ගත් අපේ­ක්ෂ­ක­යන් දෙදෙනා වෙන් කොට, තෙවෙ­නි­යට ඡන්ද ලබා­ගත් අපේ­ක්ෂ­ක­යාගේ දෙවෙනි මනා­පය, පළ­මුව පසෙ­කින් තැබූ පළමු හා දෙවෙනි අපේ­ක්ෂ­ක­යන් දෙදෙ­නා­ගෙන් කිසි­වෙ­කුට ලැබී ඇත්දැයි ගණ­නය කර­න්නට සිදු­වූවා යයි සිතමු. එවිට ප්‍රායෝ­ගික වශ­යෙන් මුහු­ණ­දී­මට සිදු­වන එක් ගැට­ලු­වක් වන්නේ පළ­මු­වැන්නා, දෙවැන්නා හැර තෙවැ­න්නෙ­කුට ඡන්දය දුන් කෙනෙ­කුට පළ­මු­වැන්නා හෝ දෙවැ­න්නාට තම දෙවැනි මනා­පය දීමට තරම් කැමැ­ත්තක් ඇති­විය හැකි ද යන්නයි.

මනාප ලබා­දී­ම
මහ­මැ­ති­ව­ර­ණ­ය­කදී හෝ වෙනත් මැති­ව­ර­ණ­ය­කදී නම් එකම පක්ෂ­යක ඉදි­රි­පත්වී ඇති අපේ­ක්ෂ­ක­යන් අත­රින් මනාප ලබා­දී­මට පක්ෂ­යට ඡන්දය ලකුණු කොට ඉතිරි අයට කැමැති පරිදි මනා­පය සල­කුණු කළ හැකිය. එය ප්‍රති­ප­ත්ති­මය වශ­යෙන් ගැට­ලු­ස­හ­ගත තත්ත්ව­යක් නොවේ. මන්ද යත්, එකම පක්ෂ­ය­කට මූල­ධා­ර්මික වශ­යෙන් කැමැත්ත පළ කොට එහිම කැමැති පුද්ග­ල­යින් තෝරා ගැනී­මක් පම­ණක් නිසාය. එහෙත් ජනා­ධි­ප­ති­ව­ර­ණ­ය­කදී අපේ­ක්ෂ­ක­යන් ඉදි­රි­පත් වන්නේ විවිධ පක්ෂ­ව­ලින් හෝ ස්වාධීන කණ්ඩා­ය­ම්ව­ලිනි. එවිට ප්‍රති­පත්ති එකි­නෙ­කට වෙනස්ය. පුද්ග­ල­යන් වෙනස්ය. ඒ නිසාම එක් පක්ෂ­යක එක් ප්‍රති­ප­ත්ති­ය­කට, පුද්ග­ල­ය­කුට කැමැති ඡන්ද දාය­ක­යෙ­කුට ඊළ­ඟට කැමැති ඊට වෙනස් ප්‍රති­පත්ති සහිත පක්ෂ­යක් හා පුද්ග­ල­යකු තෝරා ගැනී­මට සිදුවේ. අනෙක් අතට මූල­ධා­ර්මික වශ­යෙන් වැඩිම ඡන්ද ප්‍රති­ශ­ත­යක් ලබා­ගනු ලබන්නේ යැයි සිතන අපේ­ක්ෂ­කයා ලබා­ගන්නා ඡන්ද ප්‍රති­ශ­ත­යට වඩා ඔහුට කැමැ­ත්තක් නොද­ක්වන අයගේ ප්‍රති­ශ­තය ඉතා වැඩි­විය හැකිය. මන්ද යත් වැඩිම ඡන්ද ප්‍රති­ශ­ත­යක් ලබා­ගන්නා අපේ­ක්ෂ­ක­යාට හැර සෙසු කිසි­ව­කුට ඡන්දය ප්‍රකාශ කර­නවා යනුම පළමු වැන්නට ඇති නොකැ­මැත්තේ ප්‍රකා­ශ­න­යක් ද වන බැවිනි. ඒ අර්ථ­යෙන් ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය වඩාත් තහ­වුරු කරනු පිණිස භාවිත ක්‍රම­වේ­ද­යම එහි ප්‍රජා­ත­න්ත්‍ර­භා­වය හීන කරන මාන­ය­කට අපව තල්ලු කරන බව පෙනෙයි.

සුපු­රුදු කති­ර­ය
අනෙක් අතට දෙවෙනි හෝ තෙවෙනි මනා­ප­ය­කින් තමන්ගේ ජය­ග්‍ර­හ­ණය තහ­වුරු කර ගැනී­මට ප්‍රධාන පෙළ අපේ­ක්ෂ­ක­යන් කිසි­වෙ­කුත් කිසිදු ඇගෑ­ලු­ම්ක­මක් නොද­ක්වති. ඒ නිසාම සුපු­රුදු කති­ර­යම මිස 1 සල­කුණු කොට ඡන්දය හා 2 ලකුණු කොට මනා­පය දීමක් ගැන ඔවුන් කිසි­වෙ­කුත් තම ඡන්ද දාය­ක­යන්ට ප්‍රසිද්ධ දේශ­පා­ලන වේදි­කා­වල තබා පොකට් රැස්වී­ම­ක­වත් කියන්නේ නැත. මැති­ව­රණ කොම­සා­රිස් ජන­රා­ල්ව­රයා හා මැති­ව­රණ නිරී­ක්ෂ­ක­යන්, ඡන්ද සාක්ෂ­ර­තාව පිළි­බඳ ක්‍රියා­ත්මක සිවිල් සංවි­ධාන හැරු­ණු­විට කිසි­වෙ­කුත් ඒ ගැන එකදු ප්‍රකා­ශ­යක් හෝ කර නැත. කිසිදු ජන­මා­ධ්‍ය­යක හෝ මේ පිළි­බඳ ප්‍රමා­ණ­වත් කති­කා­වක් ගොඩ­නඟා තම පාඨ­ක­යන්, ශ්‍රාව­ක­යන් හෝ ප්‍රේක්ෂ­ක­යන් දැනු­ම්වත් කිරී­මට පිය­වර ගන්නා බවක් ද, පෙනෙ­න්නට නැත. හැමෝම කියන්නේ තමන්ට කිසි­වෙ­කුගේ දෙවෙනි හෝ තෙවෙනි මනා­ප­වල අව­ශ්‍ය­තා­වක් නොමැති බව හා තමන් සිය­යට 50 ඉක්මවූ ඡන්ද ප්‍රති­ශ­ත­යක් අනි­වා­ර්ය­යෙන් ලබා­ගන්නා බව පමණි. එය තමන්ට තමන් පිළි­බඳ පවත්නා අධි­ත­ක්සේ­රුව ද, නැති­නම් නොදැ­නුම ද, එසේත් නොමැ­ති­නම් දේශ­පා­ල­නික වශ­යෙන් උප­ක්‍ර­ම­යක් ලෙස ගන්නා ස්ථාව­ර­යක් ද, යන්න නිශ්චිත නැත.

සමස්ත ඡන්ද දාය­ක­යන්
මිලි­යන 17ක් වන ශ්‍රී ලංකාවේ සමස්ත ඡන්ද දාය­ක­යන් අත­රින් මිලි­යන 4ක් ලියා­ප­දිංචි වී ඇත්තේ බස්නා­හිර පළාතේ දිස්ත්‍රික්ක තුන නියෝ­ජ­නය කර­මිනි. එසේම සමස්ත ඡන්ද දාය­ක­යන් අත­රින් වැඩි ම ඡන්ද දාය­ක­යන් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රි­ක්ක­යෙන් ලියා­ප­දිංචි වී ඇති අතර, කොළඹ සහ කුරු­ණෑ­ගල දෙවන සහ තෙවන ස්ථාන­වල පසු­වෙයි. මැති­ව­රණ කොමි­ෂන් සභාවේ නිල වෙබ් අඩ­වියේ දැක්වෙන දත්ත­ව­ලට අනුව ගම්පහ දිස්ත්‍රි­ක්කයේ ලියා­ප­දිංචි ඡන්ද දාය­ක­යන් සංඛ්‍යාව 1,881,129 ක් වන අතර කොළඹ දිස්ත්‍රි­ක්කයේ ලියා­ප­දිංචි ඡන්ද දාය­ක­යන් සංඛ්‍යාව 1,765,351කි. එසේම කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්කයේ ලියා­ප­දිංචි ඡන්ද දාය­ක­යන් සංඛ්‍යාව 1,417,226 කි. මේ අනුව ප්‍රධාන අපේ­ක්ෂ­ක­යන් වැඩිම ලියා­ප­දිංචි ඡන්ද දාය­ක­යන් සිටින දිස්ත්‍රි­ක්ක­ව­ලින් වැඩි ප්‍රති­ශ­ත­යක් දිනා තමන්ට අව­දා­න­මක් ඇති දිස්ත්‍රි­ක්ක­වල බෙදී යන ඡන්ද­යට සැල­කිය යුතු පර­ත­ර­යක් තබා ගැනීම කෙරෙහි ඔවුන් අව­ධා­නය යොමු කර ඇති බවක් පෙනෙ­න්නට තිබේ.

ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය අම­නාප කර ගැනීම
මොවුන් රට පුරා මහ­ජන රැලි පවත්වා තමන්ගේ අව­සන් දේශ­පා­ලන රැස්වීම් කොළඹ හා ගම්පහ දිස්ත්‍රික් ආව­ර­ණය වන පරිදි පැවැ­ත්වී­මට කට­යුතු යොදා තිබීම ද එය සංකේ­ත­වත් කර­න්නකි. මෙහෙව් පසු­බි­මක අප මෙම කෙටි ලිපියේ මූලා­ර­ම්භයේ සට­හන් කළ පරි­ද්දෙන් ලබා­ගන්නා ඡන්ද­යෙන් අපේ­ක්ෂ­ක­ය­කුට සිය­යට පනහ අබි­බවා යා හැකි ද? එසේත් නොමැ­ති­නම් දෙවන මනා­ප­ය­කට යා යුතු­වෙයි ද, යන්න මේ මොහොතේ නිග­ම­නය කළ නොහැ­කිය. දෙවන මනා­ප­යක් කෙරෙහි අපේ­ක්ෂ­ක­යන් ද, ඡන්ද දාය­ක­යන් ද කිසිදු උන­න්දු­වක් නොද­ක්වන තත්ත්වය තුළ මනා­පය නොතකා හැර ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය අම­නාප කර ගැනීම නොකළ යුතු­මය. මන්ද යත් පුර­වැ­සි­යන්ගේ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී අයි­ති­වා­සි­කම් රැක­ගැ­නීමේ වග­කීම පාල­ක­යන්ට පම­ණක් පවරා අත­පිස දා ගැනී­මට අප කිසි­වෙ­කු­ටත් හැකි­යා­වක් නොමැති බැවිනි. එබැ­වින් අව­සාන අර්ථ­යෙන් එහි වග­කීම පැව­රෙන්නේ ඡන්ද දාය­ක­යන් වන අප­ට­මය. එබැ­වින් අව­සාන වශ­යනේ කිව හැක්කේ මනා­පය වෙනු­වෙන් ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය අම­නාප කර නොගැ­නී­මට අප සිය­ලු­දෙ­නාම බැඳී සිටින බවය.
ප්‍රියාන් ආර්. විජේ­බ­ණ්ඩාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT