රටේ ආර්ථිකයේ බිංදුවටම වැටිලා තිබූ මොහොතේ සජිත්, අනුර රට භාර ගන්නා බෑ කියූ බවත්, ඒ අවස්ථාවේ රට භාර ගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතා කෙටි කාලයකදී රට යථා තත්ත්වයට පත් කළ බවත් පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, පොලොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ජගත් සමරවික්‍රම මහතා පැවසීය.
මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කළේ ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට පොලොන්නරුවේ පැවති ජන හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.
“රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගෙන වසර දෙකක් වැනි ඉතා කෙටි කලකින් තෙල්, ගෑස් පෝලිම් නැති කළා. ඩොලර් අර්බුදය විසඳා, උපාධිධාරීන්ට රැකියා දී, රජයේ වියදම් අඩු කර ජනතාවට විසඳුම් දුන්නා. වැටී තිබූ රට නැවත යථා තත්ත්වයට ගෙනාවේ කොහොමද කියන කාරණය බොහෝ අයට තාමත් ප්‍රශ්නයක්. වංචාව සහ දූෂණය අඩු කර, බදු දැලට හසු නොකර මේ වික්‍රමාන්විත පාලනය සිදු කළේ කොහොමද කියන කාරණය ඇත්තටම ඇදහිය නොහැකියි. ඒ නිසයි, අපි පක්ෂ භේදවලින් තොරව මේ වේලාවේ අපේ රටේ නායකත්වය භාර දිය යුතු සුදුසුම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා කියලා බයක් සැකයක් නැතිව පවසන්නේ.”
ඇළහැර – සරත් වෙලගෙදර