Friday, May 16, 2025
Home » ජනපති අපේක්ෂක සිඩ්නි ජයරත්න සජිත්ගේ වේදිකාවෙන් බස්සවයි

ජනපති අපේක්ෂක සිඩ්නි ජයරත්න සජිත්ගේ වේදිකාවෙන් බස්සවයි

by sachintha
September 18, 2024 12:03 am 0 comment

ස්වාධීන ජනාධිපති අපේක්ෂක පොලොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතා පෙරේදා (16) සවස පොලොන්නරුව පුලස්තිගම 400 නගරයේදී පැවති සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රවර්ධන ජනහමුවක් අමතමින් සිටියදී වේදිකාවෙන් බැස්සවීමට පොලොන්නරුව දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරවුල් කිරීමේ ඒකකය පියවර ගත්තේය.

ස්වාධීන ජනපති අපේක්ෂක සිඩ්නි ජයරත්න මහතා සජබ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රවර්ධනය කිරීමේ රැස්වීමකට සම්බන්ධ වෙමින් ජනතාව අමතමින් සිටින බවට යම් පිරිසක් විසින් ලබා දුන් තොරතුරක් මත එහි පැමිණි පොලොන්නරුව දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරවුල් කිරීමේ ඒකකයේ ප්‍රධානි රුවන් රාජශිල්ප මහතා පවතින මැතිවරණ නීති අනුව ජනාධිපති අපේක්ෂකයකුට වෙනත් ජනාධිපති අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කළ නොහැකි බව පැහැදිලි කරදී ඔහුව එම වේදිකාවෙන් බිමට බස්සවා තිබේ. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව දැනුම්වත් කිරීමට ද එම නිලධාරීන් එම අවස්ථාවේදීම පියවර ගෙන තිබිණි.

ලංකාපුර සමූහ – එච්.එල්. ද සොයිසා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT