මෙතෙක් කල් පැවති සෑම මැතිවරණයකදීම විවිධ ගැටීම් හා දරුණු සිදුවීම්වලින් තොරව අනුරාධපුර දිස්ත්‍රික්කය ලබාගත් තම ගෞරවනීය නාමය ඉතිහාසයේදී මෙන්ම ජනාධිපති මැතිවරණයේදීත් ආරක්ෂා කර ගැනීම සියලුම ජනතාවගේ යුතුකම විය යුතු බව අනුරාධපුර මහ දිසාපති කේ.ජී.ආර්. විමලසූරිය මහතා පැවසීය. ඒ මහතා එම ප්‍රකාශය කළේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය උපමාන හා මැතිවරණ වියදම් නියාමනය පිළිබඳව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ සමුළුවෙන් පසුව පැවති විශේෂ සාකච්ඡාවක් අමතා ප්‍රකාශයක් කරමිනි.
තවදුරටත් අදහස් දැක්වූ මහ දිසාපතිවරයා මෙවර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන් හත් ලක්ෂ හතළිස් එක්දහස් අටසිය හැට දෙකක් (741862) වන අතර ඡන්ද මධ්‍යස්ථාන හයසිය තිස්හයක් (636) වන බවද කීය. එසේම නිලධාරීන් දස දහස් දෙසිය අසූදෙදෙනකුගේ (10282) සේවය අවශ්‍ය වන අතර වාහන හත්සිය පනහක් (750) යෙදවීමට සැලසුම් කර ඇතැයිද කීය. දැනට සියලු කටයුතු ඉතා සාර්ථකව සංවිධානය කර ඇති අතර තැපැල් ඡන්ද භාවිතය ද සාමකාමීව පැවති බවත් ඉතිහාසයේ පැවති මැතිවරණවලදී අනුරාධපුර දිස්ත්‍රික්කය ලබා ගත් ගෞරවනීය නාමය මෙවර ද ලබාගැනීමට සියලුම ජනතාවගේත් මාධ්‍යවේදීන්ගේත් සහාය අපේක්ෂා කරන බවද මහ දිසාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාව සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ, මැතිවරණ කොමිෂන් සභාවේ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය උසස් නිලධාරින්ද අනුරාධපුර රජයේ ප්‍රවෘත්ති නිලධාරී ෂෙල්ටන් බණ්ඩාර මහතා ද එක් වූහ.
අනුරාධපුර දිසා විශේෂ – වෝල්ටර් දයාරත්න