Thursday, May 15, 2025
Home » ලුතිනන් කමාන්ඩර් සෝමසිරි රචිත කෘතියක් තිස්ස මහ විදුහලේ විදුහල්පතිට

ලුතිනන් කමාන්ඩර් සෝමසිරි රචිත කෘතියක් තිස්ස මහ විදුහලේ විදුහල්පතිට

by sachintha
September 18, 2024 12:47 am 0 comment

ත්‍රිකුණාමලය නාවුක කඳවුරේ පිහිටුවා ඇති තිස්ස මහ විද්‍යාලය ආරම්භ කිරීමට පුරෝගාමීව කටයුතු කළ නාවුක හමුදා හිටපු ආ‍ඥාපති ලුතිනන් කමාන්ඩර් සෝමසිරි දේවේන්ද්‍ර මහතා ඉකුත් දා එම විදුහලට පැමිණියේ වසර 50කට පමණ පසුවය. එහිදී සෝමසිරි මහතා, ඔහු විසින් රචනා කරන ලද අසූ වසරක දිවි මඟ කෘතිය එහි විදුහල්පති පී.ඩබ්ලිව්. මංගල පල්ලේවත්ත මහතා වෙත පිරිනමන ලදි.

මෙම විදුහල ආරම්භක අවස්ථාවේ සිසුන් 34 දෙනෙකුත් එක් ගුරුවරියක හා එක් ගුරුවරයකුත් සිට ඇති අතර මේ වනවිට ශිෂ්‍ය සංඛ්‍යාව 600 ඉක්මවා ඇති අතර ගුරු මණ්ඩලය 28කින් සමන්විත බව විදුහල්පතිවරයා පැවසීය.

මෙහි සිසුන් නොයෙකුත් දක්ෂතා පෙන්වමින් පාසලට වටිනාකම් ලබා දී ඇති අතර මෙවර අ.පො.ස.(සා.පෙ.) කලා අංශයේ දිස්ත්‍රික්කයේ හොඳම ප්‍රතිඵල ලබා ඇත්තේ ද මෙම විද්‍යාලයේ සිසු දරුවකු වීම ද ආඥාපතිවරයාගේ පැසසුමට ලක්විය.

කන්තලේ සමූහ – සුමිත්‍රා කුමාරිහාමි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT