ත්‍රිකුණාමලය නාවුක කඳවුරේ පිහිටුවා ඇති තිස්ස මහ විද්‍යාලය ආරම්භ කිරීමට පුරෝගාමීව කටයුතු කළ නාවුක හමුදා හිටපු ආඥාපති ලුතිනන් කමාන්ඩර් සෝමසිරි දේවේන්ද්‍ර මහතා ඉකුත් දා එම විදුහලට පැමිණියේ වසර 50කට පමණ පසුවය. එහිදී සෝමසිරි මහතා, ඔහු විසින් රචනා කරන ලද අසූ වසරක දිවි මඟ කෘතිය එහි විදුහල්පති පී.ඩබ්ලිව්. මංගල පල්ලේවත්ත මහතා වෙත පිරිනමන ලදි.
මෙම විදුහල ආරම්භක අවස්ථාවේ සිසුන් 34 දෙනෙකුත් එක් ගුරුවරියක හා එක් ගුරුවරයකුත් සිට ඇති අතර මේ වනවිට ශිෂ්‍ය සංඛ්‍යාව 600 ඉක්මවා ඇති අතර ගුරු මණ්ඩලය 28කින් සමන්විත බව විදුහල්පතිවරයා පැවසීය.
මෙහි සිසුන් නොයෙකුත් දක්ෂතා පෙන්වමින් පාසලට වටිනාකම් ලබා දී ඇති අතර මෙවර අ.පො.ස.(සා.පෙ.) කලා අංශයේ දිස්ත්‍රික්කයේ හොඳම ප්‍රතිඵල ලබා ඇත්තේ ද මෙම විද්‍යාලයේ සිසු දරුවකු වීම ද ආඥාපතිවරයාගේ පැසසුමට ලක්විය.
කන්තලේ සමූහ – සුමිත්‍රා කුමාරිහාමි