Saturday, May 10, 2025
Home » බළපිටිය රේවත ජාතික පාසලේ ආදි විදුහල්පති ගුරු එකමුතුව මඟින් ආදි ගුරු කලා උපහාර උලෙළක්

බළපිටිය රේවත ජාතික පාසලේ ආදි විදුහල්පති ගුරු එකමුතුව මඟින් ආදි ගුරු කලා උපහාර උලෙළක්

by sachintha
September 18, 2024 1:51 am 0 comment

සාහිත්‍ය මාසය නිමිත්තෙන් බළපිටිය රේවත ජාතික පාසලේ ආදි විදුහල්පති ගුරු එකමුතුව මඟින් ආදි ගුරු කලා උපහාර පිදීමේ උත්සවයක් රේවත ජාතික පාසලේ ස්වර්ණ ජයන්ති ශාලාවේ දී පැවැත්විණි. අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ සිංහල විෂයපිළිබඳ අධ්‍යක්ෂ ටෙක්ලා ජයසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී ග්‍රන්ථකරණයේ යෙදුණු විශ්‍රාමලත් අධ්‍යාපන අධ්‍යක්ෂ ආර්. ආනන්ද වීරවංශ, විශ්‍රාමලත් විදුහල්පති ඒ. විජේපාල සිල්වා යන මහත්වරු සහ සහ ආදි ගුරු විනිතා බී. අබේවික්‍රම මහත්මිය උපහාර සම්මානයෙන් පිදුම් ලැබූහ.

සම්මාන ලැබූ පිරිස සමඟ ආදි ගුරු එකමුතුවේ සභාපති පී.සී.කේ.ද සිල්වා, ලේකම් තිලකරත්න ඕබඩගේ, භාණ්ඩාගාරික ආර්. දමිතා ද සිල්වා, ඩී.ඩබ්ලිව්. සුනිල් ද සිල්වා, ඇම්. කරුණාදාස යන මහත්ම මහත්මීන් පෙනී සිටි අයුරු.

අහුන්ගල්ල සමූහ – අනුර යසමිත්, කරන්දෙණිය සමූහ – අනුරාධ ප්‍රියදර්ශන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT