Thursday, May 8, 2025
Home » සංචාරක ව්‍යාපාරය හා බැඳී පවතින කරත්ත කර්මාන්තය දියුණු කිරීමට අත දෙන්න

සංචාරක ව්‍යාපාරය හා බැඳී පවතින කරත්ත කර්මාන්තය දියුණු කිරීමට අත දෙන්න

by sachintha
September 18, 2024 1:40 am 0 comment

එදා අපේ රටේ අතුරු මාර්ගයන්හි මෙන්ම ප්‍රධාන මාර්ගයන්හිද සුලභ වශයෙන් දක්නට ලැබුණු ගොන් කරත්ත අද දක්නට ලැබෙනුයේ ඉතාමත් කලාතුරකිනි. ඒ සීගිරිය වැනි සංචාරක කලාපයකදී පමණි.

කාලයක් තිස්සේ ලාභදායී කර්මාන්තයක්ව පැවැති කරත්ත කර්මාන්තය අද අකර්මණ්‍ය තත්ත්වයට පත්ව ඇත්තේ යකඩ, වානේ වැනි අමුද්‍රව්‍යවල මිල ඉහළ යාමත් ඒ සඳහා අවශ්‍ය දැව වර්ග සොයාගැනීමේ දුෂ්කරතාවයත් නිසා බැව් ගලේවෙල ප්‍රදේශයේ කරත්ත කර්මාන්තයේ යෙදී සිටි පිරිස් පවසති.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගලේවෙල, ඉබ්බන්කටුවේ එච්.පී. චන්ද්‍රරත්න මහතා මෙසේ පැවැසීය. එදා කරත්ත සඳහා සංචාරක හෝටල්වලින් විශාල ඉල්ලුමක් තිබුණා. අදටත් තරමක ඉල්ලුමක් තියෙනවා. එදා අපි සති දෙකකට වරක් කරත්තය බැගින් හැදුවා. එහෙත් අද යකඩ, වානේ වැනි අමුද්‍රව්‍යවල මිල දස ගුණයකින් පමණ ඉහළ ගිහින්. ඒ වගේම කරත්ත සෑදීම සඳහා අවශ්‍ය සූරියමාර දැව සොයාගැනීම දුෂ්කරයි. සීගිරිය සංචාරක කලාපයේ අබලන් කරත්ත අලුත්වැඩියා කරවා ගැනීම සඳහා තවමත් රැගෙන එන්නේ අපේ කම්මලටයි.

කරත්ත කර්මාන්තය කෙළින්ම සංචාරක ව්‍යාපාරය හා බැඳී ඇති එකක් නිසා ලංකා සංචාරක මණ්ඩලය මැදිහත්වී අපට සහනදායී මිලට අමුදුව්‍ය ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කළහොත් අපට දිගටම මෙම කර්මාන්තය කරගෙන යා හැකියි. විශේෂයෙන්ම විදේශීය සංචාරකයෝ සොබා සිරිය නැරඹීම සඳහා ජීප් රථවලට වඩා ගොන් කරත්තවල යාමට කැමැත්තක් දක්වනවා.

හිරියාල සමූහ – එම්.ඒ.ආර්. මනුකුලසූරිය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT