Thursday, May 8, 2025
Home » මෙවර ජනාධිපතිවරණය යුරෝපයේ මැතිවරණයක මෙන් ප්‍රශස්ත මට්ටමක පවතිනවා

මෙවර ජනාධිපතිවරණය යුරෝපයේ මැතිවරණයක මෙන් ප්‍රශස්ත මට්ටමක පවතිනවා

-මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක

by sachintha
September 18, 2024 1:41 am 0 comment

කිසිදා නොමැති ලෙසින් මෙවර ජනාධිපතිවරණය මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් නොමැති තරමට යුරෝපයේ මැතිවරණයක මෙන් ප්‍රශස්ත මට්ටමක පවතින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතා පවසයි.

සමන් රත්නායක මහතා මේ බව පැවසුවේ පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවැති මැතිවරණ නීතිය බලාත්මක කිරීම හා මාධ්‍ය උපමාන සම්බන්ධව මාධ්‍යවේදීන්, සිසුන් හා ගුරුවරුන් දැනුම්වත් කිරීම සඳහා එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සමන් රත්නායක මහතා, “ඇත්තටම අපි සතුටු වෙනවා මෙවර ජනාධිපතිවරණයේ මේ වන විට සුළු සිද්ධීන් කිහිපයක් පමණක් වාර්තා වී තිබීමත් වෙනත් ජනාධිපතිවරණ ඉතිහාසයේ කවදාවත් නැති ඉතාමත් හොඳ ප්‍රවණතාවයක් පවතිනවා. එය යුරෝපයේ පැවැත්වෙන මැතිවරණයක් මෙන් ඉහළ තත්ත්වයෙන් පවතිනවා. එය මැතිවරණයක දී දැකිය හැකි ඉහළ ප්‍රශස්ත මට්ටමක්. අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිවරණයෙන් පසුත් මෙම තත්ත්වය පවතීවි කියා.

ඒ සඳහා අදාළ දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් තම ආධාරකරුවන් නිසි ලෙසින් හසුරුවා ගැනීම වගකීමක්. ඒ සඳහා කටයුතු කරන ලෙස අපි සියලු අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා” යැයි සමන් රත්නායක මහතා වැඩිදුරටත් පැවැසීය. මෙම අවස්ථාවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් කරුණාරත්න, පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී. හේරත් ඇතුළු නිලධාරීහු රැසක් එක්ව තිබුණි.

පුත්තලම අතිරේක – හිරාන් ප්‍රියංකර ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT