Home » ශ්‍රී ගංගාතිලක රජමහා විහාරස්ථානයේ වාහල්කඩ විවෘත වෙයි

ශ්‍රී ගංගාතිලක රජමහා විහාරස්ථානයේ වාහල්කඩ විවෘත වෙයි

by sachintha
September 18, 2024 3:00 am 0 comment

වත්තල හේකිත්ත ශ්‍රී ගංගාතිලක රජමහා විහාරස්ථානයේ අභිනව වාහල්කඩ විවෘත කිරීමේ මහෝත්සවය ඉකුත් සෙනසුරාදා (14දා) පස්වරුවේ සිදු කෙරුණි. විහාරාධිපති, පූජ්‍ය සරුබිම සීවලි නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වය පරිදි වත්තල වෙළෙඳ ව්‍යාපාරික, සංජීව් ජෙයරාමන් මහතාගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් ඉදි කෙරුණු අභිනව වාහල්කඩ හා නව ඝණ්ටාරය ඒ මහතා අතින් විවෘත කෙරුණි.

එහිදී විශේෂ අනුශාසනාවක් කරමින් වැලිසර මූලගන්ධකුටි පිරිවෙන සහ විහාර ඝනයේ පරිවේණාධිපති, පූජ්‍ය පණ්ඩිත කෙරවලපිටිය සුමේධ හිමියෝ, මෙයට වසර පනහකට පෙර තමන් වහන්සේ දුටු මෙම ශ්‍රී ගංගාතිලක රජමහා විහාරය, අද වන විට මහා සරුබිමක් බවට පත් කළ සරුබිම සීවලී තරුණ ස්වාමීන් වහන්සේට ආශිර්වාද කරන බවත්, උන්වහන්සේගේ කටයුතු සඳහා ජාති ආගම් භේදයකින් තොරව සහාය දක්වන සැදැහැවතුන් පිරිසක් ඒකරාශී කර ගෙන සිටීම සතුටට කරුණක් බවත් පැවැසූහ. එම අවස්ථාවට මට්ටක්කුලිය කාක දූපතේ ශ්‍රී බෝධිරාජ විහාරාධිපති, පූජ්‍ය පණ්ඩිත දිවුල්වැවේ අරියදේව නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සැදැහැවතුන් රැසක් එම අවස්ථාවට සහභාගි වූහ.

වත්තල විශේෂ – ජෝශප් පයස්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT