Sunday, May 11, 2025
Home » වෙළෙඳසලට රිංගා විසිතුරු මසුන් සොරාගත් ළමුන් දෙදෙනාත් තරුණයාත් කොටු

වෙළෙඳසලට රිංගා විසිතුරු මසුන් සොරාගත් ළමුන් දෙදෙනාත් තරුණයාත් කොටු

by sachintha
September 18, 2024 3:00 am 0 comment

විසිතුරු මසුන් අලෙවි කරන වෙ‍ෙළඳසලකින් රාත්‍රි කාලයේදී සුරතල් මසුන් ඇතුළු උපකරණ සොරා ගත් බාලවයස්කරුවන් දෙදෙනකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 13, 16 සහ 23 වයස්වල අය බවද පොලිසිය සඳහන් කරයි.

විසිතුන් හැවිරිදි තරුණයා මින් පෙරද මෙවැනි සොරකම්වලට හසුවූ අයකු වන අතර බාලවයස්කරුවන් දෙදෙනාද සමඟ ගොස් මෙම සුරතල් මසුන් සහ උපකරණ සොරාගෙන ඇතැයි ද පොලිසිය පවසයි.

සැකකාර තරුණයා දරුවන් දෙදෙනාව අදාළ වෙළෙඳසල තුළට රිංගවා එහි තිබූ ටැංකිවල සිටි මසුන් සහ උපකරණ එළියට ගෙන පොලිතින් උරවලට දමා තාප්පයෙන් පිටතට ගෙන්වා ගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.

සොරාගත් සුරතල් මසුන් සැකකරු විසින් ඔහුගේ වැඩිමල් සහෝදරියගේ නි‍ෙවසේ ඇති ටැංකිවලට දමා විකුණන තෙක් සුරක්ෂිත කර ඇතැයි ද පොලිසිය කියයි.

සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. වැල්ලම්පිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික නිලන්ත මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉසුරු ශාමික මහතා ඇතුළු නිලධාරීහු විමර්ශන සිදුකරති.

මුල්ලේරියාව – සිරිසේන ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT