180
මීපේ හන්දිය අන්‍යෝන්‍යාධාර සහ සුභසාධක සමිතිය විසින් ‘අපි අපිව හඳුනා ගැනීමේ” අරමුණින්, සංවිධානය කළ සුහද හමුවක් සහ සංස්කෘතිකාංග ඇතුළත් වැඩසටහනක් මීපේ ජාතික අධ්‍යාපන ආයතනයේ ශ්‍රවණාගාරයේදී ඉකුත් දා පැවැත්වුණි. එකම ගමක ජනතාව තාප්පවලින් වටවූ නිවෙස්වලට කොටුවී සිටින අවස්ථාවක, ප්‍රදේශවාසීන් දැන හඳුනා ගනිමින්, සුහදත්වය වර්ධනය කර ගැනීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. මීපේ මධුසර කලායතනාධිපතිනි අයි.පී. සෙනෙවිරත්න මහත්මියගේ කලායතනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නර්තනාංගයෙන්, සුභසාධක සමිතියේ සාමාජික සාමාජිකාවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් ගීත ගායනාවලින් මෙම වැඩසටහන වර්ණවත් විය.
පාදුක්ක සමූහ – රෙක්සි වෙත්තසිංහ