Home » සිල් ඇත්තන්ට දනක් දී බිනර පොහොයට පින්කමක්

සිල් ඇත්තන්ට දනක් දී බිනර පොහොයට පින්කමක්

by sachintha
September 18, 2024 3:00 am 0 comment

බිනර පුර පසළොස්වක පෝය දා මත්තේගොඩ ශ්‍රී පියරතනාරාම විහාරස්ථානයේ සිල් සමාදන් වූ උවැසි උවැසියන්ට දහවල් දානය පිරිනැමීම මත්තේගොඩ එක්සත් වෙ‍ෙළඳ හා සුබසාධක සංගමය මඟින් සිදු කරන ලදි.

එහිදී මියගිය හිටපු සභාපති ව්‍යාපාරික පුෂ්පකුමාර, සියත සහල් ව්‍යාපාරයේ අධිපති පී. රණවීර සහ ඩබ්ලිව්. සුගතපාල යන මහත්වරුන්ට පින් පැමිණවීම සිදු කළ අතර ජීවත්ව සිටින ව්‍යාපාරික ප්‍රජාවට සෙත් ප්‍රාර්ථනා කිරීම ද මෙහිදී සිදු කෙරිණි.

මීට අමතරව සිල් සමාදන් වූ උපාසක උපාසිකාවන් සියලු දෙනාට වියළි ආහාර පාර්සල් බෙදා දීමක්ද මෙහිදී සිදුවිය.

මත්තේගොඩ ශ්‍රී පියරතනාරාමාධිපති ශාස්ත්‍රවේදී පන්ගම්විලයායේ සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි මත්තේගොඩ එක්සත් හා සුබසාධක සංගමයේ සභාපති චාමින්ද බඳවකආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

මෙම අවස්ථාවට මත්තේගොඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර, වෙ‍ෙළඳ සංගමයේ සභාපති චාමින්ද බඳවකආරච්චි, ලේකම් සනත් සූරියආරච්චි, භාණ්ඩාගාරික නිශාන්ත මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

කොට්ටාව – ප්‍රදීප් කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT