2024 සැප්තැම්බර් 16 වනදා, ‘අමරණීය සඳක් සිහිකළ – සරත් කාව්‍ය උළෙල‘ චීනයේ සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය සහ ශ‍්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය අනුග‍්‍රහය යටතේ සංවිධානය කරමින්, ශ‍්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානය සහ ගුවාංෂි ෂුවාං Guangxi Zhuang ස්වාධීන පළාත් සංස්කෘතික හා සංචාරක දෙපාර්තමේන්තුව මෙහෙයවීමෙන් කොළඹදී සාර්ථකව පැවැත්විණි.
ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තු කතානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා සහ ඔහුගේ ආර්යාව, ශ‍්‍රී ලංකාවේ චීන තානාපති, ගරු චි ජෙන්හොං Qi Zhenhong සහ ඔහුගේ ආර්යාව, ශ‍්‍රී ලංකාවේ විදේශික තානාපතිවරු, ශ‍්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ නී ලිෂෙන් Ni Lisheng, ගුවාංෂි ෂුවාං Guangxi Zhuang ස්වාධීන පළාත් සංස්කෘතික හා සංචාරක දෙපාර්තමේන්තුවේ දෙවන මට්ටමේ පරීක්ෂක ලියු ගොජියන් Liu Guojian,මහතා සහ විවිධ ක්ෂේත‍්‍රවල අරාධිතයින් 200 කට වඩා වැඩි පිරිසක් සහ විදේශික චීන නියෝජිතයින්ද මෙම උත්සවයට සහභාගිවූහ.
සිය කථාව ආරම්භ කරමින්, චීන තානාපති චි ජෙන්හොං මහතා Qi Zhenhong පැවසූයේ, චීන ජාතියේ ප‍්‍රමුඛ සම්ප‍්‍රදායික උත්සව අවස්ථා හතරෙන් එකක් වන මධ්‍යම සරත් උත්සවය, වසර දහස් ගණනක පුරා පැවති චීන ජාතියේ ගැඹුරු සංස්කෘතික උරුමයක් බවත්, මෙම උත්සවය අස්වැන්න, සමගිය, නැවත එක්වීම, සාමය සහ බෙදාගැනීම සංකේතවත් කරන අතර ඔවුන් කොතැනක සිටියත් මෙම ‘එකම සඳ ‘ බෙදා ගැනීම, පවුල් අතර සතුට සහ සාමය හා සමෘද්ධිය ප‍්‍රාර්ථනා කිරීමට සුබ පතන උත්සවයක් ලෙස සලකන බවයි. ඉතා දිගු ඉතිහාසයක් ඇති පැරණි රටක් ලෙස, ශ‍්‍රී ලංකාවේද පෞරාණික පූර්ණ චන්ද්‍ර උත්සව සංස්කෘතියක් ඇති අතර එය ශ‍්‍රී ලංකාවේ ජන ජීවිතයේ හා සංස්කෘතියේ සෑම අංශයකටම පැතිර ඇති බව ඒ මහතා පැවසීය.
එකම දීප්තිමත් සඳ, ජාතීන් දෙක සම්බන්ධ කර සමීප කර දෙරට අතර සංස්කෘතික හුවමාරු සඳහා පාලමක් ගොඩනඟයි. සරත් සෘතුවේ මැද මංගල්‍යය චීනයේ වැදගත් සම්ප‍්‍රදායික උත්සවයක් බවත්, ශ‍්‍රී ලංකා පුර පසළොස්වක පෝය දිනයද රටේ සංස්කෘතියේ සහ ජන ජීවිතයේ වැදගත් කොටසක් ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තු කතානායක ගරු මහින්ද යාපා අබේවර්ධනමහතා පැවසීය. මෙම උත්සවය ශ‍්‍රී ලංකාව සහ චීනය අතර සංස්කෘතික හුවමාරුව සහ අන්‍යෝන්‍ය අවබෝධය නිසැකවම ප‍්‍රවර්ධනය කරනු ඇත. එවැනි සංස්කෘතික හුවමාරුව දෙරට සහ ඔවුන්ගේ ජනතාව අතර පවතින සාම්ප‍්‍රදායික මිත‍්‍රත්වය ඉස්මතු කරයි. අද සැමරුම ද මේ මිත‍්‍රත්වය ඉදිරියට ගෙන යාමටයි, ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
ශ‍්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ නි ලිෂෙන්ග් Ni Lisheng පැවසුවේ ”මතක තබා ගැනීමට සඳක්”යනු චීනයේ සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශය විසින් දියත් කරන ලද මහා පරිමාණ ගෝලීය උත්සවයක් බවයි. එය වසර ගණනාවක් පුරා ලොව පුරා රටවල් 50කට අධික සංඛ්‍යාවක සාර්ථකව පවත්වා ඇති අතර සෑම රටකම ජනතාවගේ පිළිගැනීම දිනා ඇති බවයි.
මෙවර ශ‍්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානය ගුවාංෂි ෂුවාං Guangxi Zhuang තානාපති අංශය සංස්කෘතික හා සංචාරක දෙපාර්තමේන්තුව සමඟ අත්වැල් බැඳගනිමින් සැමට අපූරු සංස්කෘතික මංගල්‍යයක් පිරිනැමීමට කටයුතු කළේය. මෙම කලා උළෙල ආරම්භ වුණේ ලූම්බිනි කොන්ෆුසියස් පන්තියෙන් ළමුන්ගේ සුන්දර කවියක් වූ “Water Melody When Will the Moon Be There” යන මනරම් ගායනයෙනි.
ගුවාංෂි Guangxi ජාතික වාද්‍ය වෘන්දයේ සහ ගුවාංෂි Guangxi ගීත හා නාට්‍ය රඟහලේ කලාකරුවන් විසින් ”කඳුකර ගීත වසන්ත ගංගා ජලය මෙන්” “Mountain Songs Are Like Spring River Water”, ”ලූෂෙන්ග් ආදර ගීත”, “Lusheng Love Songs”, ”වර්ණවත් වලාකුළු සඳ හඹා යන”, “Colorful Clouds Chasing the Moon”, ”සිහින සමනල වසන්තය” , “Dream Butterfly Spring” ”ජැස්මින් මල” “Jasmine Flower” වැනි සාම්ප‍්‍රදායික සම්භාව්‍ය කෘති සහ ”එකම තරු පිරුණු අහස” “The Same Starry Sky” සහ ”සඳ මගේ හදවත නියෝජනය කරයි” “The Moon Represents My Heart” වැනි සුප‍්‍රසිද්ධ ගීත චීන සහ ශ‍්‍රී ලාංකික ජනතාවට ගෙන එන ලදී.
ශ‍්‍රී ලාංකේය සම්ප‍්‍රදායික ගීත ”ලංකා, ලංකා” “Lanka, Lanka”සහ ”පොට් ඩාන්ස් ” “Pot Dance” ආරම්භ වූ විට පේ‍්‍රක්ෂකයෝ සතුටින් අත්පුඩි ගසා ගායනා කළහ. මධ්‍යම සරත් සෘතුවේ උත්සවය දෙරට අතර දිගුකාලීන මිත‍්‍රත්වය සඳහා චීන සහ ශ‍්‍රී ලාංකික ජනතාවගේ උණුසුම් සුබ පැතුම් ප‍්‍රකාශ කරමින් මුළු ප‍්‍රසංගයම කාව්‍යමය හා මනරම් ලෙස ගලා ගිය අතර උත්සවය ඉතා ප‍්‍රීතිිමත් සහ උණුසුම් ලෙස නිරන්තර අත්පොලසන් හඬින් පිරීගියේය. කළා කටයුතු වලින් පසුව, චීන තානාපති චි ජෙන්හොං මහතා Qi Zhenhong සහ ඔහුගේ ආර්යාව චීන සහ විදේශීය අමුත්තන් සමඟ සංස්කෘතික උරුම වෙළඳපොළ Guangxi Intangible Cultural Heritage අත්විඳි අතර, making moon cakes, lacquer fans, and guessing lantern riddles අන්තර්ක‍්‍රියාකාරී අත්දැකීම් සඳහා සහභාගී වූහ.