Home » ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩි­කාවෝ මාල­දි­ව­යින් පොලි­සි­යට පහර දෙති

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩි­කාවෝ මාල­දි­ව­යින් පොලි­සි­යට පහර දෙති

by Gayan Abeykoon
September 19, 2024 1:00 am 0 comment

මාල­දි­ව­යිනේ සත්කා­ර­ක­ත්ව­යෙන් පැවැ­ත්වෙන මධ්‍යම ආසි­යානු වොලි­බෝල් සම්මේ­ල­නය සංවි­ධාන කරන කාන්තා ක්‍රීඩා සමාජ වොලි­බෝල් තර­ගා­ව­ලියේ සිය පළමු ජය වාර්තා කිරී­මට ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩි­කාවෝ පෙරේදා සමත් වූහ.

තර­ගා­ව­ලියේ තෙවැනි දිනය යටතේ පැවති තර­ගයේ ශ්‍රී ලංකා පිල හමුවේ මාල­දි­ව­යින් පොලිස් ක්‍රීඩා සමාජ පිල වට 3-0කින් පරා­ජය විය. එහි ලකුණු තත්ත්වය වූයේ 25-12, 25-15 සහ 25-19කි.

කෙසේ වෙතත් තර­ගා­ව­ලිය ආරම්භ කර­මින් පැවති පළමු තර­ග­යේදී මාල­දි­ව­යිනේ වැම්කෝ පිල හමුවේ වට 3-1කින් (20-25, 25-23, 25-15 සහ 25-19) පරා­ජය වූ ශ්‍රී ලංකා ගුවන් හමුදා පිල දෙවැනි තර­ග­යේදී නේපාල පොලිස් ක්‍රීඩා සමා­ජය හමුවේ වට 3-0කින් (25-16, 25-20ක් සහ 25-21)ක් ලෙස පරා­ජය විය.

මේ තර­ගා­ව­ලියේ සිව්වැනි දිනය වූ ඊයේ විවේක දින­යක් වූ අතර, අද (19) පස්වැනි දිනය යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා පිල ඉන්දු­නී­සි­යාවේ වීසී ඩය­මිඩ් කණ්ඩා­යම හමු­වී­මට නිය­මි­තය. මේ තර­ගා­ව­ලියේ මෙතෙක් සහ­භා­ගිවූ සියලු තරග ජය ගනි­මින් නේපාල පොලිස් ක්‍රීඩා සමා­ජය අප­රා­ජි­තව පෙර­මුණ ගෙන සිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT