304
මෙවර ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා අදාළ කාර්යමණ්ඩලය, ඡන්ද පත්‍රිකා සහ ඡන්ද පෙට්ටි සමඟ ඡන්ද මධ්‍යස්ථාන කරා පිටත්වීම ආරම්භවී තිබේ.
ඡන්ද පෙට්ටි නිකුත් කිරීම අද(20) උදෑසන 7ට ආරම්භ කළ බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
ඒ සඳහා පොලිස් ආරක්ෂාව ද ලබාදී තිබේ.
අද දහවල් 12 පමණ වනවිට සියලුම ඡන්ද මධ්‍යස්ථාන වෙත අදාළ නිලධාරීන් ළඟාවීමට නියමිත අතර ඉන් අනතුරුව අද දිනයේදී පෙරහුරුවක් පැවැත්වීමට ද සැලසුම් කර ඇත.
හෙට (21) උදෑසන 7 සිට පස්වරු 4 දක්වා ඡන්ද විමසීමේ කටයුතු සිදු කෙරෙන අතර ඡන්දදායකයින් එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හතළිස් දහස් තුන්සිය පනස් හතරක් දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.