සණස ජීවිත රක්ෂණ හා සාමාන්‍ය රක්‍ෂණ සමාගම් ද්විත්වයේ 2023 වසරේ සාර්ථකත්වය ඇගැයීම වෙනුවෙන් සංවිධානය කෙරුණු ‘සණස රක්‍ෂණ සම්මාන 2023’ සම්මාන උළෙල කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී උත්කර්ෂවත්
අන්දමින් පැවැත්විණි. දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය ඇතුළු සණස රක්ෂණ සමාගමේ වර්ධනය වෙනුවෙන් කැපවූ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් ඇගැයීම මෙහිදී සිදු විය. සණස රක්ෂණ සමාගමේ සේවක සේවිකාවන් 500කගේ සහභාගිත්වයෙන් පැවති මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සණස සමූහයේ ආරම්භක සභාපති ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතා සහභාගි වූ අතර සණස රක්ෂණ සමාගමේ සභාපති පී. ගජේන්ද්‍ර, කළමනාකරණ අධ්‍යක්ෂ ඉන්දික කිරිවන්දෙණිය ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සාමාජිකාවෝ මෙම අවස්ථාවට සහභාගි වූහ. සණස රක්‍ෂණ සම්මාන 2023 සම්මාන උළෙලේදී විශිෂ්ටතම විකුණුම් ප්‍රවර්ධන නිලධාරියා, විශිෂ්ටතම කණ්ඩායම් නායකයා, විශිෂ්ටතම ශාඛා කළමනාකරු, විශිෂ්ටතම අලුත් කිරීමේ නිලධාරියා, විශිෂ්ටතම ප්‍රාදේශීය කළමනාකරු, විශිෂ්තටම පොකුරු කළමණාකරු, විශිෂ්ටතම ලේඛකයා ආදී වශයෙන් කාණ්ඩ ගණනාවක් යටතේ සම්මාන පිරිනැමුණු අතර මෙවර විශිෂ්ටම ශාඛාව ලෙස සම්මානයට පාත්‍ර වූයේ සණස රක්ෂණ සමාගමේ දික්වැල්ල ශාඛාවයි. එමෙන්ම වසර 10ක් හෝ ඊට වැඩි කාලයක් සණස රක්ෂණ සමාගම සමඟ එක් වී
විශ්වාසවන්තව සේවය කළ සේවකයන් ඇගැයීම ද මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී සිදු විය. ආරම්භයේ පටන් මෙරට රක්ෂණ ක්ෂේත්‍රය තුළ පෙරළියක් සිදු කිරීමට සමත් වූ සණස රක්ෂණ සමාගම වර්තමානයේදී ශ්‍රී ලංකාවේ
ප්‍රමුඛතම රක්ෂණ සමාගම් 10 අතරින් 7 වන ස්ථානයේ ස්ථානගත වීමට සමත් වී ඇත.