Home » SLT-MOBITEL වෙතින් Data Rollover පහසුකම සමගින් නවතම 100% Anytime Data Plans එකතුවක්

SLT-MOBITEL වෙතින් Data Rollover පහසුකම සමගින් නවතම 100% Anytime Data Plans එකතුවක්

by Gayan Abeykoon
September 20, 2024 1:27 am 0 comment

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL විසින් පසුගියදා නවතම 100% Anytime Data සැලසුම් එකතුවක් හඳුන්වා දෙන ලදි. මෙම සැලසුම්වලට Data Rollover පහසුකම ද ඇතුළත් වී තිබීම විශේෂත්වයකි. මෙමඟින් පාරිභෝගිකයන්ට සිය ඩේටා සැලසුම අලුත් කිරීමේදී පෙර සැලසුමෙන් ඉතිරි වූ ඩේටා නව සැලසුමට එක්කර ගැනීමට හැකියාව ලැබේ.

විවිධ පාරිභෝගික කාණ්ඩවල අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයට මෙන්ම ගෙවන මුදලට උපරිම වටිනාකමක් හිමි වන ආකාරයට මෙම Anytime Data සැලසුම් නිර්මාණය කර ඇත. මීට අමතරව SLT-MOBITEL සතු දීපව්‍යාප්ත අධිවේගී 4G ජාලය නිසා HD වීඩියෝ, ගීත සහ වෙනත් විනෝදාත්මක අංග ඇතුළු තවත් බොහෝ දේ රිසි පරිදි රස විඳීමට පාරිභෝගිකයන්ට අවස්ථාව හිමි වේ. මෙම සැලසුම්වල විශේෂත්වය වන්නේ පාරිභෝගිකයන්ට තම ඩේටා සම්බන්ධයෙන් වැඩි පාලනයක් හිමි වීම ය. තම පාරිභෝගිකයන්ට ඉහළම වටිනාකම් එකතුවක් සමගින් විශිෂ්ටතම අත්දැකීමක් තිළිණ කිරීමට SLT- MOBITEL දරන උත්සාහයේ තවත් පියවරක් වශයෙන් මෙම සැලසුම් එකතුව හඳුන්වා දී ඇත. විශේෂයෙන්ම Data Rollover පහසුකම නිසා පාරිභෝගිකයන්ට තමන් භාවිත කරන සැලසුමේ කාලසීමාව අවසන් වුවද භාවිත නොකළ ඩේටා අපතේ යාමේ ගැටලුවට මුහුණ දීමට සිදු නොවේ.

මෙම Anytime Data පැකේජ දින 7 සිට දින 30 දක්වා කාලසීමාවන් සඳහා ලබාගත හැකිය. දින 7 ක පැකේජයක් සඳහා පාරිභෝගිකයන්ට 512MB ඩේටා හිමිවන අතර, එහි මිල රු. 58ක් පමණි. දින 30ක පැකේජයක් සඳහා 18.5GB හිමි වන අතර එහි මිල රු. 1,199කි. නිතර ඩේටා අවශ්‍ය වන පාරිභෝගියන්ට මෙන්ම තම අවශ්‍යතාව පරිදි වරින් වර ඩේටා භාවිතා කරන පාරිභෝගිකයන්ටද තම රුචිකත්වය අනුව මෙන්ම තමන් වැය කිරීමට බලාපොරොත්තු වන මුදල අනුව තමන්ට ගැළපෙන පැකේජය තෝරාගත හැකිය. මෙම සියලුම පැකේජ සඳහා Data Rollover පහසුකම හිමි වීම පාරිභෝගිකයන්ට ඉමහත් සහනයක් වනු නොඅනුමානය. අදාළ පැකේජයේ මිල රීලෝඩ් කිරීම හෝ #170# ඩයල් කිරීම මඟින් පාරිභෝගිකයන්ට නව ඩේටා පැකේජ සක්‍රිය කරගත හැකි වේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු https://www.sltmobitel.lk වෙතින් හෝ Selfcare App හරහා ලබාගත හැකිය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT