රුහුණු විශ්වවිද්‍යාලය ෆැඩ්නා (Fadna) ආයතනය සමඟ ගිවිසුමකට එළඹීම පසුගියදා රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන හා ෆැඩ්නා ආයතනයේ නිර්මාතෘ චමේන්ද්‍ර සෝමතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී සිදු විය.
මෙම ගිවිසුම මඟින් රුහුණු විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් හා ආචාර්ය මණ්ඩලය විසින් සිදුකරනු ලබන සිය පර්යේෂණ මඟින් ප්‍රතිඵලදායක ලෙස හඳුන්වා දෙනු ලබන නව නිෂ්පාදන ෆැඩ්නා ආයතනය හරහා වෙෙභඳපොළට යොමු කිරිමට නියමිතය.
ඒ අනුව ප්‍රථම නිෂ්පාදනය ලෙස රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය මඟින් දීර්ඝ කාලයක් තිස්සේ සිදු කළ පර්යේෂණයකින් අනතුරුව දේශීය ශාක අනුසාරයෙන් දියවැඩියාව පාලනය කිරීම සඳහා නිෂ්පාදනය කළ ඖෂධයක් ෆැඩ්නා ආයතනය හරහා වෙෙළඳපොළට නිකුත් කිරිම සිදු කෙරේ. මේ වන විට ෆැඩ්නා ආයතනය මේරට විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින විශ්වවිද්‍යාල පහක් සමඟ ගිවිසුම්වලට එළඹ සිසුන් හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් නිෂ්පාදනය කරනු ලබන නව නිෂ්පාදන වෙෙළඳපොළට නිකුත් කොට ඇත. මේ අනුව ක්‍රියාකාරීත්වය විද්‍යානුකූලව තහවුරු කරන ලද වෙෙළඳපොළට නිකුත් කිරීමට ෆැඩ්නාට හැකියාව ලැබී ඇත. මෙම කාර්ය සඳහා විශ්වවිද්‍යාලයේ තාක්ෂණික හුවමාරු ඒකකයේ පූර්ණ මැදිහත් වීම සිදු කරනු ලබයි.
මෙම අවස්ථාවට රුහුණු විශ්වවිද්‍යාලයේ තාක්ෂණික හුවමාරු එකකයේ අධ්යක්ෂ වෛද්‍ය ලහිරු ප්‍රබෝධ මහතා ඇතුළු රුහුණු විශ්වවිද්‍යාලයේ පීඨවල පීඨාධිපතිවරුන් ඇතුළු ආචාර්ය මණ්ඩලය එක්ව සිටියහ.