Tuesday, May 6, 2025
Home » කෙහෙ­ළි­යගේ පුතාට අයිති කෝටි 14ක සුපිරි මහල් නිවාස 2ක් තහ­නම්

කෙහෙ­ළි­යගේ පුතාට අයිති කෝටි 14ක සුපිරි මහල් නිවාස 2ක් තහ­නම්

by Gayan Abeykoon
September 20, 2024 1:27 am 0 comment

චන්දන ජය­වීර

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙ­ළිය රඹු­ක්වැල්ල මහ­තාගේ පුත් ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹු­ක්වැල්ල මහ­තාට අයත් කොළඹ කොල්ලු­පි­ටියේ සුඛෝ­ප­භෝගී නිවාස සංකී­ර්ණ­යක නිවාස 2ක් පරි­හ­ර­ණය කිරීම කොළඹ මහා­ධි­ක­ර­ණය ඊයේ (19) තහ­නම් කළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාව කළ කරුණු දැක්වී­ම­කට අනුව කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු මංජුල තිල­ක­රත්න මහතා මේ තහ­නම පැන­වීය.  කොල්ලු­පි­ටියේ කැපි­ටල් රෙසි­ඩන්ට් නිවාස සංකී­ර්ණයේ පිහිටි රුපි­යල් මිලි­යන 80ක් සහ මිලි­යන 65ක වටි­නා­ක­මින් යුත් රමිත් රඹු­ක්වැ­ල්ලට අයත් නිවාස දෙකක් මාස 3ක කාල­යක් සඳහා මෙසේ තහ­නම් කෙරිණි.  බාල බෙහෙත් ජාවා­රම සම්බ­න්ධ­යෙන් චෝදනා එල්ලව ඇති කෙහෙ­ළිය රඹු­ක්වැල්ල මහ­තාගේ පවුලේ උද­වි­යට අයත් රුපි­යල් 9,71,25,000ක් වටිනා ස්ථාවර තැන්පතු ගිණුම් 16ක් සහ රක්ෂණ ඔප්පු 3ක් සැක කට­යුතු ගනු­දෙනු සිදුව ඇති බව මහා­ධි­ක­ර­ණය තීර­ණය කිරී­මෙන් පසු අත්හි­ටු­වීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT