Home » ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ප්‍රවාහනය ඇරඹෙයි

ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ප්‍රවාහනය ඇරඹෙයි

by chanaka
September 20, 2024 10:07 am 0 comment

2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ඡන්ද මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය අද (20) උදෑසන ආරම්භ කිරීමට නියමිත බව මැතිවරණ කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, මධ්‍යස්ථාන 13,421කට ඡන්ද පෙට්ටි හා කාර්ය මණ්ඩලය ඒ අනුව යොමු කරන බවයි.

ඒ සඳහා පිහිටුවා ඇති නිකුත් කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව 1234 කි.

ඡන්ද මධ්‍යස්ථාන රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරීන් එක්ලක්ෂ පනස්දහසකට අධික පිරිසක් යොදවා ඇති බවද ඔහු ප්‍රකාශ කළේ ය .

ප්‍රධාන ගණන් ගන්නා නිලධාරීන් ඇතුළු නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකින් පිට පළාත් සඳහා යොමු කර ඇති බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ ය.

මේ අතර, ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ප්‍රවාහනය සඳහා විශේෂ ආරක්ෂාවක් ලබා දෙන බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ඡන්ද පෙට්ටි නිකුත් කරන මධ්‍යස්ථාන අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි.

2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම හෙට උදෑසන 7 සිට පස්වරු 4 දක්වා සිදු කෙරේ.

ඒ සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දහස් තුන්සිය පනස් හතරකි.

මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 38 දෙනෙකු තරග වදී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT