Friday, May 2, 2025
Home » වසර දෙක­හ­මා­රකින් ශ්‍රී ලංකාව බංකො­ලො­ත්භා­ව­යෙන් මිදීම ලෝක­යටම ආද­ර්ශ­යක්

වසර දෙක­හ­මා­රකින් ශ්‍රී ලංකාව බංකො­ලො­ත්භා­ව­යෙන් මිදීම ලෝක­යටම ආද­ර්ශ­යක්

මුදල් අමා­ත්‍යාං­ශයේ හිටපු ලේකම්

by damith
September 21, 2024 1:20 am 0 comment

ජය­සිරි මුණ­සිංහ

වසර 2022දී බංකො­ලො­ත්භා­ව­ය­කට පත්වූ ශ්‍රී ලංකාව වසර දෙක­හ­මා­රක් වැනි කෙටි කාල­යක් තුළ ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­ර­ණය කොට අද වන විට බංකො­ලො­ත්භා­ව­යෙන් මිදීම ආර්ථික වශ­යෙන් බිඳ­වැ­ටුණු රාජ්‍ය­යන් ගොඩ ඒමට ආද­ර්ශ­යක් කර ගත යුතු ලෝක තත්ත්ව­ය­කැයි මුදල් අමා­ත්‍යාං­ශයේ හිටපු ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සම­ර­තුංග මහතා ප්‍රකාශ කළේය. එක්සත් ජන­පද ඩොලර් බිලි­යන 84ක ණය කන්දක් ආපසු ගෙවීම සඳහා තුන් ආකා­ර­ය­කට ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­ර­ණය කිරී­මට මේ වන විට ආණ්ඩුව සමත් වී තිබේ.

ඒ අනුව එක්සත් ජන­පද ඩොලර් බිලි­යන 17.5ක ණය ප්‍රමා­ණ­යක් ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­ර­ණය කොට සහන ලබා ගැනී­මට ශ්‍රී ලංකාව සමත්වී ඇතැයි ද ඔහු කීය.

ඊට අම­ත­රව කවුරු රට පාල­නය කළ ද ශ්‍රී ලංකාව නැවත ආර්ථික වශ­යෙන් බංකො­ලො­ත්භා­ව­යට පත් නොවන තැනට කට­යුතු කිරී­මට අදාළ අණ පනත් පහක් මේ වන විට ආණ්ඩුව සම්ම­ත­කොට ගෙන තිබෙන බව ද හිටපු ලේක­ම්ව­රයා අව­ධා­ර­ණය කළේය. හිතු­ම­තේට මුදල් මුද්‍ර­ණය කිරී­මට වැට බඳින ආකා­ර­යට ශ්‍රී ලංකා මහ බැංකු පනත ගෙනැ­විත් තිබේ. හිතු­ම­තේට ජනතා මුදල් දේශ­පා­ලන වුව­ම­නා­කම් මත විය­දම් කිරීම ඇහි­රී­මට රාජ්‍ය මූල්‍ය වග­කීම් කළ­ම­නා­ක­රණ පනත ගෙනැ­විත් තිබේ. රජ­යට ණය පහ­සු­කම් ලබා ගැනී­මේදී දැඩි වින­යක් ඇතිව කට­යුතු කිරී­මට මඟ­පා­දන රාජ්‍ය ණය කළ­ම­නා­ක­රණ පනත ගෙනැ­විත් තිබේ.

ශ්‍රී ලංකා ආර්ථි­කය වේග­යෙන් දියුණු කිරීම සඳහා ආර්ථික පරි­ව­ර්තන පනත හඳු­න්වාදී ඇත.

දූෂ­ණය සහ අල්ලස වැළැ­ක්වී­මට ජාතික දූෂණ විරෝධී පනත සම්මත කොට ඇත. මේ ප්‍රධාන පනත් පහ ඇතුළු අනෙ­කුත් නීති ප්‍රති­සං­ස්ක­රණ සහ ආර්ථික ප්‍රති­සං­ස්ක­රණ ගැනී­මට ගතවූ දෙව­ස­රක පාල­නය කාලය තුළ සිදුවූ සුවි­ශේෂී කාර්ය බව ද හිටපු ලේක­ම්ව­රයා පැහැ­දිලි කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT