Home » DFCC සහ Mintpay එක්වී ඩෙබිට් කාඩ්පත් හිමියන්ට සුවිශේෂී පහසු ගෙවීමේ ක්‍රම හඳුන්වා දෙයි

DFCC සහ Mintpay එක්වී ඩෙබිට් කාඩ්පත් හිමියන්ට සුවිශේෂී පහසු ගෙවීමේ ක්‍රම හඳුන්වා දෙයි

by damith
September 21, 2024 1:19 am 0 comment

ශ්‍රී ලංකාවේ ඩිජිටල් මූල්‍ය සේවාවන් සම්බන්ධ පුරෝගාමියෙකු වන DFCC බැංකුව සහ මෙරට ප්‍රමුඛතම මූල්‍ය සේවා යෙදවුමක් වන Mintpay අතර විශේෂ හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තැබිණි. මෙමඟින් DFCC බැංකුවේ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට, වෙළඳපොළේ නිතර නොලැබෙන සේවාවක් වන ‘Buy-Now- Pay-Later’ (BNPL) සහ ‘Pay Now’ වැනි සුවිශේෂී සේවාවන් භාවිත කිරීමට අවස්ථාව ලැබෙනු ඇත. DFCC බැංකුවේ Internet Payment Gateway සේවාව සහ Mintpay යෙදුම ඒකාබද්ධ කිරීම මඟින් ඩෙබිට් කාඩ්පත් හිමියන්ට වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදෙන අතරම ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රය තුළ සුවිශේෂී පෙරළියක් සිදුකිරීමට දෙපාර්ශ්වයට හැකියාව ලැබෙනු නිසැකය.

මේ අනුව මින් ඉදිරියට තම ඩෙබිට් කාඩ්පත් හිමියන්ට ආකර්ෂණීය පහසු ගෙවීමේ විසඳුම් පිරිනැමීමට DFCC බැංකුවට හැකියාව ලැබෙන අතර, DFCC බැංකුවේ Internet Payment Gateway සේවාව සහ දීපව්‍යාප්ත වෙළඳ ජාලය භාවිත කිරීමට හැකිවීම මඟින් Mintpay සේවාවටද ප්‍රතිලාභ රැසක් හිමිවනු ඇත. මින් ඉදිරියට ඕනෑම ඩෙබිට් කාඩ්පත් හිමියෙකුට Mintpay භාවිත කරමින් වෙළඳසල්වලින් හෝ අන්තර්ජාලය ඔස්සේ මිලදී ගැනීම් සිදුකිරීමේදී පොලී රහිත වාරික තුනක් වශයෙන් අදාළ ගෙවීම සිදු කළ හැකි වේ. මෙම හවුල්කාරීත්වය, ගනුදෙනුකරුවන්ගේ වෙනස් වන අවශ්‍යතා හඳුනා ගනිමින්, ඩෙබිට් කාඩ්පත් හිමියන්ගේ රුචිකත්වයන්ට ගැළපෙන ආකාරයට ආකර්ෂණීය ගෙවීම් විසඳුම් හඳුන්වා දීම සඳහා DFCC බැංකුව දරන උත්සාහය මැනැවින් නිරූපණය කරයි.

“අපගේ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට පහසු ගෙවීමේ ක්‍රම හඳුන්වා දීම සඳහා මෙරට ප්‍රථම දේශීය ගෙවීම් ක්‍රමයක් වන Mintpay සමඟ අත්වැල් බැඳගැනීමට හැකිවීම අපට මහත් සතුටක්. මෙය විද්‍යුත් වෙ‍ෙළඳ ගනුදෙනු සේවා සපයන්නන්ට ගෙවීම් භාරගැනීම සඳහා නව ක්‍රම හඳුන්වා දීමේ උත්සාහය තුළ සුවිශේෂී සන්ධිස්ථානයක් බවට පත්වේවි. එමෙන්ම මෙය ඩෙබිට් කාඩ්පත් හිමියන් වෙනුවෙන් පහසු ගෙවීමේ ක්‍රම හඳුන්වා දීම ඔස්සේ මූල්‍ය අන්තර්කරණය ප්‍රවර්ධනය කරන පියවරක් ලෙසද හැඳින්වීමට පුළුවන්” DFCC බැංකුවේ උප සභාපති/කාඩ්පත් ප්‍රධානී ඩෙන්වර් ලුවිස් මහතා පැවසීය.

මෙම හවුල්කාරීත්වය මඟින් ලැබෙන ප්‍රධානතම ප්‍රතිලාභයක් වන්නේ, DFCC බැංකුවට මෙන්ම Mintpay සේවාවට තම වෙළඳපොළ පරාසය පුළුල් කිරීමට හැකියාව ලැබීමය. DFCC බැංකුවේ Internet Payment Gateway සේවාව හරහා පහසු ගෙවීමේ ක්‍රම පිරිනැමීම තුළින් Mintpay සේවාවට අතිශය පුළුල් පාරිභෝගික පදනමක් වෙත ආමන්ත්‍රණය කිරීමට හැකියාව ලැබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT