Home » ඩකා නුවර ඉස්ලාම් දේව­ස්ථා­න­යක ගැටු­ම­කින් 50කට තුවාල

ඩකා නුවර ඉස්ලාම් දේව­ස්ථා­න­යක ගැටු­ම­කින් 50කට තුවාල

by damith
September 21, 2024 1:19 am 0 comment

බංග්­ලා­දේ­ශයේ ඩකා අග­නු­වර බයි­තුල් මුක­ර්රම් ඉස්ලාම් දේව­ස්ථා­නයේ ඊයේ (සිකු­රාදා) පැවති විශේෂ නැම­දු­මට පෙර ආග­මික කණ්ඩා­යම් දෙකක් අතර දරුණු ගැටු­මක් සිදුවී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. මේ ගැටු­මෙන් දේව­ස්ථා­න­යට පැමිණි බැති­ම­තුන් ඇතුළු 50කට වැඩි පිරි­සක් තුවාල ලබා ඇතැයි ද එරට මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. ගැටුම සිදු වූයේ දේව මෙහෙය ආරම්භ වීමට මොහො­ත­කට පෙර බවත්, ප්‍රධාන පූජ­ක­ව­ර­යාට පහර දී ඇති බවත් වාර්තා වේ.

ගැටුම පාල­නය කිරීම සඳහා පොලි­සිය මැදි­හත් වී ඇති අතර, දේව­ස්ථා­නයේ ගේට්ටු අසල කැරලි මර්දන පොලිස් කණ්ඩා­ය­මක් ද යොදවා තිබූ අතර, ජ්‍යෙෂ්ඨ පොලිස් නිල­ධා­රීන්ට අම­ත­රව හමුදා කණ්ඩා­ය­මක් ද පසුව පැමිණි බව එරට මාධ්‍ය සඳ­හන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT