Home » පාස්කු ඉරු­දින ත්‍රස්ත ප්‍රහාර ශානි සහ රවි අත්අ­ඩං­ගු­වට ගන්න සූදා­න­මක් මේ වන විට නැහැ

පාස්කු ඉරු­දින ත්‍රස්ත ප්‍රහාර ශානි සහ රවි අත්අ­ඩං­ගු­වට ගන්න සූදා­න­මක් මේ වන විට නැහැ

නීති­ප­ති ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට දන්වයි

by damith
September 21, 2024 1:13 am 0 comment

නෙල්කා මැද­ගෙ­දර

පාස්කු ඉරු­දින ත්‍රස්ත ප්‍රහාර මාලාවේ ප්‍රධාන සැක­කරු අත්අ­ඩං­ගු­වට නොගත් බවට චෝදනා කර­මින් ලැබුණු පැමි­ණි­ල්ලක් මත පද­නම්ව සිදු කරන විම­ර්ශ­න­ව­ලට අදා­ළව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේ­සේ­කර සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති රවි සෙනෙ­වි­රත්න යන මහ­ත්ව­රුන් අත්අ­ඩං­ගු­වට ගැනීමේ සූදා­න­මක් මේ වන විට නැතැයි නීති­ප­ති­ව­රයා ඊයේ (20) ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය.

තමන් අත්අ­ඩං­ගු­වට ගැනීමේ සූදා­න­මක් ඇති බැවින් එය වළ­ක්වන අතුරු තහ­නම් නියෝ­ග­යක් නිකුත් කරන ලෙස ඉල්ලා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ හිටපු අධ්‍ය­ක්ෂ­ව­රුන් වන ශානි අබේ­සේ­කර සහ රවි සෙනෙ­වි­රත්න යන මහ­ත්වරු ගොනු කළ මූලික අයි­ති­වා­සි­කම් පෙත්ස­මක් කැඳවූ අව­ස්ථා­වේදී නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් සුද­ර්ශන ද සිල්වා මහතා මේ බව දන්වා සිටි­යේය.

ප්‍රීති පද්මන් සූර­සේන, අචල වෙන්ග­ප්පුලි සහ මහින්ද සම­ය­ව­ර්ධන යන ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු මඬු­ල්ලක් හමුවේ මෙම පෙත්සම් කැඳ­වනු ලැබිණි. එහිදී නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රා­ල්ව­රයා දන්වා සිටියේ පාස්කු ඉරු­දින බෝම්බ පිපි­රීමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් සිදු කරන විම­ර්ශ­න­ව­ලට අදා­ළව ලැබුණු පැමි­ණිලි දෙකක් සම්බ­න්ධ­යෙන් වන විම­ර්ශන කට­යුතු වලට අදා­ළව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව නීති­ප­ති­ව­ර­යා­ගෙන් උප­දෙස් ඉල්ලා ඇති බවය.

අදාළ විම­ර්ශන කට­යුතු මූලික අව­ධියේ පව­තින අතර මේ අව­ස්ථාව වන විට එම සිද්ධිය සම්බ­න්ධ­යෙන් කිසි­වෙ­කුත් අත්අ­ඩං­ගු­වට ගැනී­මට තීර­ණය කර නැතැයි නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රා­ල්ව­රයා සඳ­හන් කළේය. යම් හෙය­කින් පෙත්ස­ම්ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගැනීම සඳහා ප්‍රමා­ණ­වත් කරුණු විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වුව­හොත් ඒ පිළි­බ­ඳව මෝස­මක් මඟින් අධි­ක­ර­ණ­යට දැනුම් දෙන බව ඒ මහතා සඳ­හන් කළේය. කරුණු සලකා බැලී­මෙන් අන­තු­රුව පෙත්සම වෙනත් දින­යක කැඳ­වී­මට විනි­සුරු මඬුල්ල තීර­ණය කළේය.

නීතිඥ මංජුල බාල­සූ­රිය මහතා මඟින් ගොනු කර ඇති පෙත්ස­මෙහි වග­උ­ත්ත­ර­ක­රු­වන් ලෙස හේෂාන් පෙරේරා, ආර­ක්ෂක අමා­ත්‍යාංශ ලේක­ම්ව­රයා, පොලි­ස්ප­ති­ව­රයා ඇතුළු පිරි­සක් නම් කරනු ලැබ සිටි­යහ. තමන් මෙරට පොලි­සියේ සේවය කළ ජ්‍යෙෂ්ඨ නිල­ධා­රීන් වන බව පෙත්ස­ම්ක­රු­වන් කියයි. ජාතික ජන බල­වේ­ගයේ රැස්වී­මක් පසු­ගිය ජූලි 6 වැනි දින මහ­ර­ගම ජාතික තරුණ සේවා සභාවේ පැවැත්වූ අතර 25000කට අධික පිරි­සක් විශ්‍රා­මික පොලිස් නිල­ධා­රීන් සහ­භා­ගිවූ බවද ඊට තමන් ද සහ­භා­ගිවූ බව පෙත්ස­මෙහි සඳ­හන් වේ. විශ්‍රා­මික නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­ර­යකු වන පාලිත සිරි­ව­ර්ධන තමන්ට එරෙ­හිව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට පැමි­ණි­ල්ලක් කර ඇති අතර සේනක කුමා­ර­සිංහ ඒ සම්බ­න්ධ­යෙන් ප්‍රවෘත්ති සාක­ච්ඡා­වක් පවත්වා ඇති බව පෙත්ස­ම්ක­රුවෝ සඳ­හන් කරති.

පාස්කු ත්‍රස්ත ප්‍රහා­රයේ ප්‍රධාන සැක­කරු අත්අ­ඩං­ගු­වට ගැනී­මට පෙත්ස­ම්ක­රු­වන් අස­මත්වූ බවට ඔවුන් එහිදී ප්‍රබල ලෙස චෝදනා එල්ල කළ බවද පෙත්ස­මෙහි සඳ­හන් වේ. එම පැමි­ණිල්ල හුදෙක්ම දේශ­පා­ලන අර­මුණු මත සිදු කරන ලද පැමි­ණි­ල්ලක් බවට පෙත්ස­ම්ක­රුවෝ චෝදනා කර සිටිති. මෙම පැමි­ණි­ල්ලට අදා­ළව තමන් කොයි මොහොතේ හෝ අත්අ­ඩං­ගු­වට ගැනීමේ සූදා­න­මක් සහ ත්‍රස්ත­වා­දය වැළැ­ක්වීමේ පනත යටතේ රඳවා ගැනීමේ අව­දා­න­මක් ඇති බව පෙත්ස­ම්ක­රුවෝ සඳ­හන් කරති. එවැ­න්නක් සිදු වුව­හොත් එම­ඟින් සිය මූලික අයි­ති­වා­සි­කම් උල්ලං­ඝ­නය වීමේ ආසන්න අව­දා­න­මක් ඇති බවට පෙත්සම් කරුවෝ පෙන්වා දෙති.

එබැ­වින් එම පැමි­ණි­ල්ලට අදා­ළව තමන් අත්අ­ඩං­ගු­වට ගැනීම වළ­කා­ල­මින් අතුරු නියෝ­ගක් නිකුත් කරන ලෙසද පෙත්ස­ම්ක­රුවෝ සිය පෙත්ස­මෙන් ඉල්ලා සිටිති. එලෙස අත්අ­ඩං­ගු­වට ගැනී­මක් සිදු­වු­ව­හොත් එම­ඟින් සිය මූලික අයි­ති­වා­සි­කම් උල්ලං­ඝ­නය වන බවට තීන්දු කරන ලෙස පෙත්සම මඟින් ඉල්ලා ඇත.

එලෙස අත්අ­ඩං­ගු­වට ගැනී­මක් කර රඳවා ගැනී­මක් කළ­හොත් වහාම තමන් මුදා­හ­රින ලෙස පෙත්ස­ම්ක­රුවෝ අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටිති. එසේම රුපි­යල් මිලි­යන සිය­යක වන්දි මුදල් අය­කර දෙන ලෙස ද පෙත්සම මඟින් ඉල්ලා ඇත. ජනා­ධි­පති නීතීඥ උපුල් කුමා­ර­ප්පෙ­රුම මහතා පෙත්ස­ම්ක­රු­වන් වෙනු­වෙන් පෙනී සිටි­යේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT