පෞද්ගලික අංශ සහ වතු කම්කරුවන්ට ඡන්දය ප්‍රකාශ කරන්න නිවාඩු දෙන්නැයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පෞද්ගලික ආයතන ප්‍රධානීන්ගෙන් සහ වතු අධිකාරිවරුන්ගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (20) කළුතර දිස්ත්‍රික්කයේ මැතිවරණ රාජකාරි නිරීක්ෂණය කිරීමට පැමිණ නිරීක්ෂණ රාජකාරිවලින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් ඒ මහතා මෙසේද පැවසීය.
සියලු පෞද්ගලික අංශ සහ ආයතනවල සේවකයන්ට නීතිමය තත්ත්වයන්ට අනුකූලව ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය කාලසීමාවක් නිවාඩු දෙන්න.මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තිබෙන වගකීමක්. නිවාඩු ලබාදීම ආයතන ප්‍රධානීන්ගේ සහ පාලකයන්ගේ වගකීමක්.
කම්කරු දෙපාර්තමේන්තුව සහ ඔබගේ ආයතන ලියාපදිංචි වී ඇති අමාත්‍යාංශ සහ අනෙකුත් ආයතනවල නීතියට අනුව කටයුතු කරන්න.ඔබ නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා දක්වන දායකත්වය අපි ඇගයීමකට ලක් කරනවා.
පෞද්ගලික වතු අධිකාරීවරුන්ගෙන් ද වතු කම්කරුවන්ට ඡන්දය පාවිච්චි කිරීම සඳහා අවශ්‍ය නිවාඩු ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවායිද පැවසීය.