85
මහා ගත්කතුවර මාර්ටින් වික්‍රමසිංහ විසින් රචිත Òමුදියන්සේ මාමාÓ, Òසිසිලියාට පාඩමක්Ó, Òඋපාසකම්මාÓ හා ÒමවÓ යන කෙටිකතා ඇසුරින් සම්මානනීය ටෙලි හා චිත්‍රපට අධ්යක්ෂ සුදත් රෝහණ මහතා විසින් ටෙලිනාට්‍යයට නැඟූ තිර රචනා ග්රන්ථ එළිදැක්වීම මේ මස 25 වැනිදා පස්වරු 3.00ට කොළඹ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
මේ තිර රචනා කෘතිවල ඇති විශේෂත්වය වන්නේ එහි සඳහන් QR කේත ස්කෑන් කිරීමෙන් එම තිර රචනා මඟින් නිර්මාණය කරන ලද ටෙලිනාට්‍ය නැරඹිය හැකි වීමයි. මේ කෘති එකතුව ÒසරසÓ ප්‍රකාශන ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.