මාලදිවයිනේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මධ්‍යම ආසියානු කාන්තා ක්‍රීඩා සමාජ වොලිබෝල් තරගාවලියේ තෙවැනි පරාජයට මුහුණ දීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායමට ඊයේ සිදු විය.
උස්බෙකිස්තානයේ හුමෝ ක්‍රීඩා සමාජයට එරෙහිව පැවති මූලික වටයේ අවසන් තරගයේදී ශ්‍රී ලංකා පිල පළමු වටය 25-13ක් ලෙස පරාජය වූ අතර, දෙවැනි සහ තෙවැනි වටවලදීත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ඉදිරියට පැමිණීමට උස්බෙකිස්තාන ක්‍රීඩිකාවන්ගෙන් අවස්ථාවක් නොලැබිණි. එම වට දෙක 25-19ක් සහ 25-16ක් ලෙස ජය ගැනීමට උස්බෙකිස්තාන ක්‍රීඩිකාවෝ සමත් වූහ. මේ පරාජය සමඟ තරග 5ක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණ 2ක් සහ පරාජයන් 3ක් සමඟින් මූලික වටය නිමා කිරීමට සිදු විය.