Home » චීන ආක්‍රමණයට එරෙහිව තායිවානය මිසයිල නාශක පද්ධතිය සක්‍රිය කරයි

චීන ආක්‍රමණයට එරෙහිව තායිවානය මිසයිල නාශක පද්ධතිය සක්‍රිය කරයි

by mahesh
September 23, 2024 1:00 am 0 comment

චීනයේ මහජන විමුක්ති හමුදාවට අයත් ගුවන් යානා 29ක් සහ නාවික යාත්‍රා 8ක් පසුගියදා තායිවාන ගුවන් හා මුහුදු සීමාව ආක්‍රමණය කිරීම හේතුවෙන් එරට මුහුදුබඩ පළාත් කේන්ද්‍ර කරගත් මිසයිල පද්ධති සක්‍රිය කළ බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගියදා පැය 24ක් ඇතුළත එම ආක්‍රමණය සිදුවී ඇති අතර, චීන යුද යාත්‍රා තායිවාන සමුද්‍ර සන්ධියේ මධ්‍ය රේඛාව ආක්‍රමණය කළ බවත්, මහජන විමුක්ති හමුදාවේ යානා තායිවානයේ උතුරු, නිරිතදිග සහ නැඟෙනහිර ගුවන් සීමාව ආක්‍රමණය කළ බවත් නිරීක්ෂණය වූ බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ. චීන ආක්‍රමණයට ප්‍රතිචාර වශයෙන් මිසයිල පද්ධති සක්‍රිය කිරීමට අමතරව එරට හමුදා ගුවන් යානා සහ නාවික යාත්‍රා තායිවාන සමුද්‍ර සන්ධියට යැවීමට පියවර ගෙන තිබූ බව ද වාර්තා වේ. වසර 2020 සැප්තැම්බර් මාසයේ සිට චීනය සිය ගුවන් සහ මුහුදු සීමාව ආක්‍රමණය කරන බවත්, මෑත කාලයේදී එය සැලකිය යුතු අයුරින් වර්ධනය වූ බවත් තායිවාන රජය ප්‍රකාශ කර තිබේ. තායිවානයේ චෝදනාව ප්‍රතික්ෂේප කරන චීන රජය ප්‍රකාශ කර ඇත්තේ තම හමුදාව යුද අභ්‍යාසවල නිරතවන බවය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT