Monday, May 5, 2025
Home » ජනපති පත්කිරීම ගැන කොමිසමෙන් ගැසට්ටුවක්

ජනපති පත්කිරීම ගැන කොමිසමෙන් ගැසට්ටුවක්

by chanaka
September 23, 2024 11:11 am 0 comment

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳව පනතේ 61 වන වගන්තිය යටතේ අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගත් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ඒ බව ප්‍රකාශයට පත් කර ඇත.

මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම පසුගිය සෙනසුරාදා (21) දිනයේ පැවැත්වුණි.

මෙවර මැතිවරණයේ දී ප්‍රකාශ කළ ඡන්දවලින් හරි අඩකට වඩා කිසිදු අපේක්ෂකයෙකුට ලබා ගත නොහැකි වීම හේතුවෙන් පළමු සහ දෙවනි ස්ථානවල සිටි අපේක්ෂිකයින් සඳහා ලැබුණු දෙවන සහ තුන්වන මනාප ගණනය කිරීමට සිදු වූ අතර එහිදී මනාප 105,264ක් අනුර කුමාර දිසානායකට හිමි වු අතර සජිත් ප්‍රේමදාසට මනාප 167,867ක් හිමි ව තිබුණි.

ඒ අනුව අනුර කුමාර දිසානායකගේ ඡන්ද සංඛ්‍යාව 5,740,179ක් දක්වා ඉහළ ගිය අතර සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද සංඛ්‍යාව 4,363,035ක් දක්වා ඉහළ නැංවුණි.

එම ඡන්ද ප්‍රතිඵලවලට අනුව මෙරට 09වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක තෝරා පත්කරගනු ලබන බව ඊයේ (22) රාත්‍රී මැතිවරණ කොමිෂන් සභාවේ පැවති මාධ්‍ය හමුවේ දී කොමිෂන් සභාවේ, සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක සඳහන් කර සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT