Monday, May 5, 2025
Home » සැමියා බිරියගේ අත කපයි
අනියම් පෙම්වතා සමඟ වීඩියෝ ඇමතුමේ පෙම්බස් දොඩද්දී

සැමියා බිරියගේ අත කපයි

by mahesh
September 23, 2024 1:03 am 0 comment

උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

යාපනයේ අලවෙඩ්ඩි ප්‍රදේශයේ කාන්තාවක් පවත්වාගෙන යන අනියම් ඇසුර නතර නොකළැයි ඇගේ සැමියා එම කාන්තාවගේ දකුණු අත වැලමිට ළඟින් කපා වෙන් කර ඇතැයි වාර්තා වෙයි.

ඉකුත් 21 දා මෙම සිදු වීමෙන් පසුව අදාළ පුද්ගලයා නි‍ෙවසින් පලා ගොස් සිටියත් තෙලිප්පලෙයි පොලිසිය ඔහු යාපනයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

බිරිඳගේ අත කපා දැමූ සැමියා මීට වසර පහළොවකට පමණ ඉහතදී සිදු වූ රිය අනතුරකින් වම් අත අහිමි වූ පුද්ගලයෙකි.

ඔහුගේ බිරිය මීට වසර තුනක පමණ කාලයක සිට පළාතේ වෙනත් තරුණයෙකු සමඟ අනියම් ඇසුරක් පවත්වා ගෙන ගොස් ඇති අතර එය සැමියාගේ අතටම අසුවීමෙන් පසුව බිරිඳට තරයේ අවවාද කර ඇතැයි ද වාර්තා වෙයි.

එම අවවාදවලින් පසුව බිරිය සැමියාට පවසා ඇත්තේ එම සම්බන්ධය මේ වන විට නවතා ඇති බවයි.

නමුත් සිද්ධිය වූ දිනයේදී සැමියා වෙ‍ෙළඳසලකට ගොස් ආපසු පැමිණ බලන විට බිරිය වීඩියෝ දුරකතන ඇමතුමක් ඔස්සේ අනියම් සැමියා සමඟ පෙම්බස් දොඩන අයුරු සැමියා දැක තිබේ.

ඉන් කෝපයට පත් වූ ඔහු මන්නයක් ගෙන බිරියගේ බෙල්ල කැපීමට ගිය අවස්ථාවේදී මන්නා පහර ඇගේ අතට වැදීම නිසා දකුණු අතේ ඉහළ කොටස කැපී වෙන් වී තිබේ.

අවට ජනතාව ඇයව යාපනය ශික්ෂණ රෝහල වෙත කැපුණු අත සමඟ රැගෙන ගොස් තිබේ.

තෙලිප්පලෙයි පොලිසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT