Monday, May 5, 2025
Home » පැල් රකින්න ගිය තරුණයා වනඅලියාට බිලි

පැල් රකින්න ගිය තරුණයා වනඅලියාට බිලි

by thanushika
September 23, 2024 1:21 am 0 comment

තිරප්පනේ මරදන්කඩවල සමූහ කේ. එස්. කරුණාරත්න.

තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සිවලාකුලම, කුට්ටිකුලම ප්‍රදේශයේ පැල් රැකීමට ගිය තරුණ ගොවියකු පසුගියදා (19) රාත්‍රියේ දී වන අලියෙකුගේ පහරකෑමෙන් මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ සිවලාකුලම, කුට්ටිකුලම ප්‍රදේශයේ පදිංචි සිරන්ත ප්‍රභාත් රාජපක්ෂ නමැති 32 හැවිරිදි අවිවාහක තරුණ ගොවි මහතෙකි.

ඔහු තමාට අයත් වගා බිමෙහි වගා කර තිබූ වට්ටක්කා හා මිරිස් භෝග රැකීම උදෙසා යාබද වගා බිමෙහි මිතුරෙකු සමඟ ඉකුත් බ්‍රහස්පතින්දා (19) රාත්‍රී 7.30ට පමණ යතුරුපැදියකින් ගොස් ඇත. මරණකරු මිතුරාව ඔහුගේ වගා බිමට ඇරලවා තමන්ගේ වගා බිමට එමින් සිටියදී අතරමඟ රැඳී සිටි වනඅලියෙකුගේ පහරදීමෙන් මෙලෙස බරපතළ තුවාල ලබා තිබිණි.

පසුව ආසන්නයේ වගා බිම්වල ගොවීන් එක්වී තුවාලකරුව පයිරිමඩුව රෝහලට ඇතුළත් කළද ඒවනවිටත් ඔහු මියගොස් සිට ඇතැයි වාර්තා වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT