Home » නි‍ෙවස තුළ ගින්නට හසුවී මියගිය කතගේ මරණය ගැන සැකයක්

නි‍ෙවස තුළ ගින්නට හසුවී මියගිය කතගේ මරණය ගැන සැකයක්

කෝපායී

by thanushika
September 23, 2024 1:35 am 0 comment

උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

යාපනයේ නීර්වේලී ප්‍රදේශයේ නිවෙසක තනිව ජීවත් වූ වයස අවුරුදු 67ක කාන්තාවක් නි‍ෙවස ගිනි ගැනීම නිසා ඒ නි‍ෙවස තුළම මියගොස් සිටියදී මළ සිරුර ඊයේ (22) දා කෝපායී පොලිසිය විසින් සොයාගෙන තිබේ.

ගින්න දුටු අසල්වාසීන් වහාම ගින්න නිවීමට පියවර ගෙන ඇතත් එය අසාර්ථක වීමෙන් පසුව යාපනය මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයට ගින්න පිළිබඳව දැනුම් දීමෙන් පසුව එම නිලධාරින් පැමිණ ගින්න නිවා දමා ඇත.

පසුව නි‍ෙවස පරීක්ෂා කිරීමේදී කාන්තාව නි‍ෙවස තුළ මියගොස් ඇති අයුරු දක්නට ලැබීමෙන් පසුව පළාතේ ග්‍රාම නිලධාරිවරයා ඒ බව කෝපායී පොලිසියට දැනුම් දී තිබේ. මෙසේ මියගොස් ඇත්තේ එම්. මලර් නමැති කාන්තාවක් වන අතර, ඇයගේ මරණය සැක සහිත නිසා කෝපායී පොලිසිය යාපනය අධිකරණයට තොරතුරු වාර්තා කිරීමෙන් පසුව යාපනය මහේස්ත්‍රාත් එස්. ලෙනින් කුමාර මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ ස්ථානීය මරණ පරීක්ෂණය සිදු කොට තිබේ. එහිදී කාන්තාවගේ කුස්සියේ තිබූ ගෑස් සිලින්ඩරය නි‍ෙවස පිටුපස දමා තිබියදී හමු වී ඇති අතර, කුස්සියේ තිබූ මිරිස් කුඩු බෝතලය ද ගිනිගත් නි‍ෙවස තුළට ඉස ඇති අයුරු නිරීක්ෂණය වී තිබේ.

මේ නිසා මියගිය කාන්තාව සම්බන්ධයෙන් යාපනය ශික්ෂණ රෝහලේදී අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ලවා පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කොට තිබේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් කෝපායී පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT