Home » යට ඇඳුමේ හංගාගෙන සුපිරි වෙ‍ෙළඳසල්වලින් බඩු ඉස්සූ කතට වැඩ වරදී

යට ඇඳුමේ හංගාගෙන සුපිරි වෙ‍ෙළඳසල්වලින් බඩු ඉස්සූ කතට වැඩ වරදී

එගොඩ උයන

by thanushika
September 23, 2024 1:41 am 0 comment

හල්තොට සමූහ - විනීතා මානෙල් ගමගේ

කාලයක් තිස්සේ සුපිරි වෙ‍ෙළඳසල්වලින් මිල අධික කිරිපිටි ටින් සොරා ගන්නා ලද කාන්තාවක් දෙහිවල, කටුකුරුන්ද, මහජන බැංකුව අසල ප්‍රදේශයේ සුපිරි වෙළඳසලක් තුළදී අත්අඩංගුවට ගත් බව එගොඩ උයන පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට පත්වූයේ දෙහිවල, පල්ලිය ගොඩල්ල පාරේ පදිංචි 46 හැවිරිදි කාන්තාවකි.

මෙම කාන්තාව අවු: 15 හා 22 වයස්වල පසුවන දරු දෙදෙනා පොලොන්නරුව ප්‍රදේශයේ සිටින මිත්තණිය භාරයේ තබා ඇය මෙම ලිපිනයේ පදිංචිව සිට මෙවැනි සොරකම් සිදු කරන බව අනාවරණය වී තිබේ.

මෙම වෙ‍ෙළඳසලේ දිගින් දිගටම මිල අධික කිරිපිටි වර්ග අතුරුදන් වන බවට අනාවරණය වීමෙන් පසු වෙ‍ෙළඳසලේ සේවකයින් විසින් නිරතුරුවම සීසීටීටී කැමරා පරීක්ෂා කරමින් සිට ඇති අතර මෙම කාන්තාව කිරිපිටි ටින් දෙකක් යට ඇඳුමේ සඟවා ගන්නා අයුරු දැක පොලිසිය දැනුම්වත් කිරීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කාන්තාව දිනක් ඇර දිනක් මෙම වෙ‍ෙළඳසලට පැමිණ මෙලෙස කිරිපිටි ටින් සොරකම් කර ඇති බව අනාවරණය වී තිබේ.

පොලිසිය පැමිණ පරීක්ෂා කිරීමේදී ඇගේ යට ඇඳුමේ සඟවා ගෙන සිටි සස්ටජන් සහ මිල්ක්මේඩ් කිරිපිටි ටින් දෙකක් සොයා ගැනීමට හැකි වී තිබේ.

එගොඩ උයන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනිල් මාසකෝරාල මහතාගේ මූලිකත්වයෙන් ඉදිරි විමර්ශන සිදු කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT